ෂා ගුවන් විදුලිය (90.9-91.1* තුළ ආචාර ධර්ම කඩ වු අවස්ථාවක් පිළිබ`දව කරන ලද අධ්‍යයනය
‘‘මාධ්‍යම සංදේශයක් වන්නේ ය’’. එනම්, ග‍්‍රාහක ජනතාව වෙත යොමු වන සංදේශයම අද මාධ්‍යය ලෙස හ`දුන්වන බව මාර්ෂල් මැක්ලූහන්ගේ අදහස වේ. ඒ අනුව වර්තමාන ලොකයේ ජනමාධ්‍යය යන පදය භාවිත වන්නේ මිනිසුන් තම අදහස්, උදහස්, හැ`ගීම් හා සිතුවිලි ආදිය හුවමාරු කර ගැනීමට , බෙදා හදා ගැනීමට හා ප‍්‍රකාශ කිරීමට උපකරණ මාධ්‍යයක් කරගෙන සිදු කරනු ලබන ක‍්‍රියාවලියටය. මෙම ක‍්‍රියාවලිය මුද්‍රිත, විද්‍යුත් මාධ්‍යය ම`ගින් ද සාම්ප‍්‍රදායික මාධ්‍යය හා තාක්ෂණය ම`ගින් ද කළ හැකිය. ජනසන්නිවේදන ක‍්‍රියාදාමය සදහා විධිමත් ලෙස සකස්කර ගන්නා ල`ද ජනමාධ්‍යයක් අවශ්‍ය වේ.
වර්තමාන ලෝකය දෙස අවධානය යොමු කිරීමේදී ජනමාධ්‍යය විශාල සංඛ්‍යාවක් තිබීම හ`දුනාගත හැකිය. මෙම සෑම ජනමාධ්‍යයක්ම යම් කිසි ආචාර ධර්ම පද්ධතියකට යටත්ව ක‍්‍රියාත්මක වේ. ආචාර ධර්ම යනු දර්ශන විෂය තුළ සමාජ ක‍්‍රියා සමාජ අන්තර් ක‍්‍රියා සහ මානසික සාධක පදනම් කොටගෙන පෝෂණය වන ගැඹුරු විශයකි. මෙය සදාචාරය පදනම්කොට ගෙන පෝෂණය වන ගැඹුරු විශයකි. එමෙන්ම සදාචාරය පිළිබ`ද මුලධර්මය පදනම්ව තාර්කීකරණය වී තිබේ. සදාචාරය සහ සාරධර්ම යනු එකිනෙකින් ව්‍යුක්ත කළ නොහැකි සංයුක්ත වු සංකල්ප දෙකකි. ආචාර ධර්ම සහ එකී ක‍්‍රමවේද විද්‍යාත්මක ස්වරූපය සෞන්දාර්යවේදාත්මක දෘෂ්ටිය තුළ වුවද ව්‍යුහගත කළ හැකි අතර එය සාරධර්ම වේදය පිළිබ`ද දර්ශනය ලෙෂ ද සැලකේ. මෙය කායික මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් බවද පැහැදිලිය. ඒ අනුව මේ තුළින් සමාජ පද්ධතිය ස්වරූපයක් මෙන්ම මුලධර්මීය ලක්ෂණ ඉස්මතුවන බව පෙනේ. මෙම සාධක අනුව මෙහි සමාජ විද්‍යාත්මක කාරණා මනෝ විද්‍යාත්මක කාරණා මෙන්ම ආගමික කාරණා බද්ධවී ඇති බව පැහැදිලිය. ආචාර ධර්ම පිළිබ`දව දාර්ශනික සමාජය මෙහෙය වීම සොක‍්‍රටීස් විසින් සිදු කරනු ලබන්නේ ද මෙම පදනමේ පිහිටවමිනි. මාධ්‍යය ආචාර ධර්ම පිළිබ`ද අවධානය යොමු කිරීමේදී බටහිර ප‍්‍රධාන මුලධර්ම හතරක් පිළිබ`ද සාකච්චාවට භාජනය කෙරේ.
1. සත්‍යවාදී බව.
2.නිදහස
3.හානිය අවම කිරීම.
4.වගකිව යුතුබව.
යනාදි වශයෙනි.
ජනමාධ්‍යය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍යය වීම ස`දහා තොරතුරුවල නිරවද්‍යතාවය බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක්ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු ලෝකයක ජීවත්වන අතර එය නිවරදි නොවන විට ජනතාව සහ ප‍්‍රජාව අතර පවතින අනුකූලතාත්මක සබ`දතාවයද බිද වැටේ. එ අනුව ආචාර ධර්ම නිරන්තරව බද්ධ වන්නේ නිවරදි, සාධාරණ, අපක්ෂපාත,ි යුතුකම් ඉටුකරන, වගකිම් සහිත ක‍්‍රමවේද සම`ගයි. මෙය දිගුකාලීන සමාජ සම්ප‍්‍රදායක්ව පවතින ක‍්‍රියාවලියකි.
ඒ අනුව මාධ්‍ය ආචාර ධර්ම සමාජ ක‍්‍රියාකාරිත්වයේ දී ප‍්‍රබල ලෙස බලපානු ලබයි. වත්මන් ශ‍්‍රි ලංකාව දෙස බැලීමේ දී අතීතයේ පැවති සාම්ප‍්‍රදායික මාධ්‍යය ක‍්‍රමය තුළින් ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඉවත් යමින් නව මාධ්‍යයන් කරා යොමුවීම පැහැදිලි ලෙසම දැක ගත හැකිය. මෙරට ප‍්‍රධාන වශයෙන් මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම විද්‍යුත් මාධ්‍යයන්ගේ බිහිවිම දැකගත හැකිය. මෙහිදී ප‍්‍රධාන වශයෙන් විද්‍යුත් මාධ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී එහි ශ‍්‍රව්‍ය මාධ්‍යයක් වන ගුවන් විදුලිය සුවිශේෂි කොට දැක්විය හැකිය. ඒ මන්ද යත් ගුවන් විදුලිය තුළින් විශාල ශ‍්‍රාවක පිරිසකට විවිධ දේ සන්නිවේදනය කළ හැකි බැවිනි. ලාංකීය සමාජය තුළ වැඩි පිරිසක් ශ‍්‍රවනය කරනුයේ ගුවන් විදුලි මාධ්‍යයයි. ඒ අනුව පැහැදිලි ලෙසම හ`දුනාගත හැකි කරුණ වනුයේ ගුග්ලියෙල්මො මාර්කෝනි විසින් සොයාගන්නා ලද ගුවන් විදුලිය වර්තමානය වන විට ලෝකයපුරාම ශ‍්‍රව්‍ය විද්‍යුත් මාධ්‍යයක් ලෙස ප‍්‍රචලිත වීම ය .
වර්තමානය වන විට මෙරට ගුවන් විදුලි නාලිකා 50 කට වැඩි ප‍්‍රමාණයක් ගුවන් ගත වේ. මෙම ගුවන් විදුලි තුළ විවිධ වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රිසි යන භාෂාවන් ත‍්‍රිත්වයෙන්ම ක‍්‍රියාත්මක වේ. මේ නිසා විශාල ශ‍්‍රාවක පිරිසක් ග‍්‍රහනය කරගත හැකිය. ත්‍ඵ ෘැර්බ්ල ්‍යසරම ත්‍ඵල ඛ්නය්ා්ල ීය්් ත්‍ඵල ීසර්ි් ත්‍ඵ වැනි නාලිකාවන් බොහෝමයක් හදුනා ගත හැකිය. මෙම නාලිකාවන් අතරින් ීය්් ත්‍ඵ නාලිකාව පිළිබ`දව අවධානය යොමු කිරීමේ දී අනෙක් නාලිකාවන්ට වඩා මෙම නාලිකාවේ සුවිශේෂිතාවයක් දැකගත හැකිය. මෙම ගුවන් විදුලියේ වැඩිම ගුවන් කාලයක් වෙන් වනුයේ ගීත සදහාය. එමෙන්ම මෙම ගුවන් විදුලියටම සුවිශේෂි වු ආචාර ධර්ම පද්ධතියක් තිබේ. නමුත් ඔවුන් එම ආචාර ධර්ම පද්ධතියට අනුකූලව කටයුතු කරනවාද යන්න ගැටලූ සහගතය.
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන රෙනෝල්ඞ්ද සිල්වා යටතේ ීය්් ත්‍ඵ ගුවන්ගත වේ. මීට අමතරව ්‍යසරම ත්‍ඵලඨදකා ත්‍ඵලීදදරසහ්බ ත්‍ඵල ීමබ ත්‍ඵල ්‍යසරම ඔඪ ක‍්‍රියාත්මක වේ. 1998 වසරේ දී ලියාපදිංචි කර ඇති මෙම සමාගම වර්තමානය වන විට බොහෝ ජනතා ආකර්ෂණයක් ලබා ගැනීමට සමත් වු මාධ්‍යය කණ්ඩයක් ලෙස හදුනාගත හැකිය. එමෙන්ම ගුවන් විදුලි මාධ්‍යය හරහා විශාල ජනතා ආකර්ශනයක් ලබා ගැනීමට සමත් වී තිබේ. මෙයට හේතු විය හැක්කේ මොහු වසර 19 ක කාලයක් පෞද්ගලික ගුවන් විදුලි විකාශන ක්‍ෂේත‍්‍රයේ අද්දැකීමක් ලැබු පුද්ගලයෙකු මෙන්ම ඔහු ක්‍ෂේත‍්‍රයේ වටිනා ගැඹුරු අවබෝධයක් ලැබු පුද්ගලයකු වීම නිසා විය හැකිය.
කෙසේ වෙතත් ීය්් ගුවන් විදුලි දෙස අවධානය යොමු කිරීමේ දී මෙහි ප‍්‍රධාන විධායකවරයා ලෙස කටහුතු කරනු යේ ධම්මික තෙන්නකෝන් මහතාය. එමෙන්ම ප‍්‍රගීත් විජේසූරිය මහතා මෙහි කළමනාකරු ලෙස කටයුතු කරනු ලැබේ. ීය්් ගුවන් විදුලියේ වැඩසටහන් හි අන්තර්ගතය දෙස අවධානය යොමු කිරීමේදී ෂා එෆ්.එම් කූල් ස්පොට්, ෂා එෆ්.එම් ගුඞ්මෝර්නිං ෂා, ෂා හැන්දෑව, නයිට් රයිඩ, අර්ලි බෝර්ඞ් ෂෝ, සින්දු එක්ස්ප‍්‍රස්, ෂා හිට් 21, සන්ඬේ මික්ස් චාර්ට්, ෆැන් ක්ලබ් වැනි වැඩ සටහන් දැක ගත හැකිය. මේ වැඩ සටහන් මාෂ,ි කෙවින,් ප‍්‍රකාශ්, පුජා, ටිනා, අකිල්, රයන්, තිෂු, අකේෂ්, ෂෙවාන්, මිෂේල්, විලාන්, මිෂෙල්, ඩිලාන්, ඇතුලූ කණ්ඩායමක් විසින් මෙහෙය වනු ලැබේ. පැයකට වැඩිම ගීත ප‍්‍රමාණයක් ලබා දෙන එකම ගුවන් විදුලිය ෂා එෆ්.එම් ලෙස හ`දුනාගත හැකිය. මෙම වැඩ සටහන් වලට අමතරව ප‍්‍රවෘත්ති, ප‍්‍රවර්ධන, අලෙවි ආදී අංශයන් ෂා ගුවන් විදුලිය අන්තර්ගතය. මෙම ගුවන් විදුලිය තුළ වැඩිම ගුවන් කාලයක් වෙන් වනුයේ ගීත ස`දහාය. නමුත් මාධ්‍යයක වගකීම මිනිසුන්ට විනෝදාස්වාදය සැපයීම පමණක් නොවේ. මිනිසුන්ට සමාජයිය සහ මානසික වශයෙන් සාහිත්‍යම දැනුම ලබාදිම ද මාධ්‍යයක් සතු වගකීමකි.
ෂා ගුවන් විදුලිය මීට වසර කිහිපයකට පෙර රජය විසින් තහනමට ලක් කර තිබුණි. ඊට හේතුව වුයේ ජනමාධ්‍යය තුළ අන්තර්ගත ආචාර ධර්ම කඩවීම නිසාය. නමුත් නැවතත් ෂා අලූත් මුහුණුවරකින් ජනතාවට සමීප විමට උත්සහ ගෙන තිබේ. ෂා එසේ තහනමකට ලක් වීමට හේතුව භාෂා පරිහරණයයි.
එක් එක් මාධ්‍යයන්ට විශේෂ වු ආචාර ධර්ම පද්ධතියක් තිබෙන අතර ඔවුන් ඒ ආචාර ධර්ම වලට අනුකූලව කටයුතු කෙරේ. ෂා ගුවන් විදුලියට ද ආචාර ධර්ම පද්ධතියක් තිබෙන අතර ඔවුන් එය ප‍්‍රකාශ නොකරයි.
මෙහිදී ෂා ගුවන් විදුලිය තුළ අන්තර්ගත වැඩසටහන් හි භාෂා භාවිත කරන ආකාරය නිසා මාධ්‍ය ආචාර ධර්ම කඩවන අවස්ථාවන් පිළිබ`දව අධ්‍යයනය කිරීමේදී එය ජනමාධ්‍යය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් අනුමත කළ ජනමාධ්‍යය ආචාර ධර්ම සංග‍්‍රහයට අනුකූලව අධ්‍යයනය කිරීම වැදගත් වේ.
එ අනුව ජනමාධ්‍යය ආචාර ධර්ම සංග‍්‍රහයේ
1 යම් ප‍්‍රකාශයක,
(අ* මහජන අපේක්‍ෂාවන් හා රටේ සදාචාරය උල්ලංඝනය වන කරුණු හෝ මහජන
රුචිය සහ සදාචාරය පහත හෙලීමට ඉවහල්වන කරුණු ඇතුළත් වේ නම්;
(ඈ* අසභ්‍ය, අපහාසාත්මක, අසත්‍ය, අර්ධ සත්‍ය සහ එවැනි සැඟවුනු අරුත් දනවන
කරුණු සහ සිතා මතා සිදු කරන පැහැරහැරීම් අඩංගු වේ නම්;
(ඉ* මහජනතාව නොමග යවන සුළු තොරතුරු ඇතුළත් වේ නම්;
එමෙන්ම ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා ආචාර ධර්ම පද්ධතියේහි ,
අසභ්‍ය හා අවිනීත විහිළු තහළු හෝ ගීත වගන්ති හෝ අගමික නිකායන්ට පහර දෙන ප‍්‍රකාශ හෝ කිසිවකුගේ අයිතියක් පිළිබ`ද සැක ඇති යමක්. ගුවන් විදුලිය තුළ ප‍්‍රචාරය නොකළ යුතුය. එමෙනම ගුවන් විදුලිය තුළ විකාශනය නොකිරිමට නුසුදුසු වැඩසටහන් පිළිබ`දව ද මෙම ආචාර ධර්ම ප්ධතිය තුළ ඇතුළත් වේ එහිදී අශික්ෂිත කියුම්, අශෝභන විහිළු,කුණු හරුප, දෙපැත්ත කැපෙන වචන,බොරුව දිව්රුම් ශාප කිරීම් ද ඇතුළත් වේ.
යනා දී කරුණු වලට අනුකූලව ගෙන බැලීමේ දී මෙම ගුවන් විදුලියේ භාෂා පරිහරණය සබැවින්ම ආචාර ධර්ම වලට පටහැනිය.
භාෂා භාවිතයේ පවතින ස්වරූපය හේතුකොට ගෙන එය සමාජයට විශාල බලපෑමක් ඇති කරන අතර සමාජ සදාචාරයට ද විශාල හානියක් සිදු වේ. මීට ඉහතදී ද සදහන් කළ ආකාරයට ෂා ගුවන් විදුලිය රජය විසින් තහනම් කළේද භාෂා භාවිතයේ පවතින විකෘතිතාවය නිසාය. භාෂා භාවිතය පිළිබ`දව ඔවුන්ගේ අදහස වනුයේ මිනිසුන්ට සමීප වීමට ඇති හොදම ක‍්‍රමවේදය ඔවුන්ගේ හදවතට දැනෙන්න කතා කිරීම යන්නයි. නමුත් ඔවුන්ගේ භාෂාව සිංහල සමාජයට සිංහල සංස්කෘතියට පමණක් නොවේ අනෙකුත් සංස්කෘතියන්ටද හානි කරන රස්තියාදුකාර භාෂාවකට සමානය. සිංහල සමාජය මෙතෙක් රැුකගෙන ආ සභ්‍යයක්වය මේ නිසා බිද වැටෙන අතර වත්මන් තරුණ පරපුර හැඩගැසෙනුයේ වෙනස්ම වු සමාජ පරිසරයකට ය. ළමා පරපුරට ද ආදර්ශයක් ලබා ගැනීමට නොහැකි වන අතර ඔවුන් ද විකෘති වු සමාජ පරිසරයකට හැඩ ගැසේ. යම් කිසි මාධ්‍යයක් තුළින් සිදු කළ යුත්තේ සමාජයට ආදර්ශමත් වු යමක් ලබා දීමය . මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට නැඹුරුවීම මාධ්‍යයක් තුළින් සිදු නොකළ යුතු දෙයකි. නමුත් ෂා ගුවන් විදුලිය ඔවුන්ගේ ආචාර ධර්ම ගැන නොසලකා මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට නැඹුරු අවස්ථාවන් ද දැකගත හැකිය. මේ හේතුව නිසා රජය විසින් මෙම ගුවන් විදුලිය තහනමට ලක් කළේය. මාධ්‍යයක් වු විට විශේෂයෙන් සමාජ සභ්‍යයක්වය රැුකෙන ලෙස කටයුතු කළ යුතුය.
මාධ්‍යයක් ම`ගින් මිනිසුන්ට රසවින්දනයට අමතරව සාහිත්‍යමය වශයෙන් යම් කිසි දැනුමක් ලබා දිය යුතුය. ගුවන් විදුලිය වැඩි ශ‍්‍රාවක පිරිසක් ශ‍්‍රවනය කරන බැවින් ඔවුන්ට ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි අවබෝධයක් ලබාදිය යුතුය. වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී යොදාගන්නා ලද වාග්මාලාව උචිත කරනුයේ තරුණ පරපුරටය. තරුණ පිරිස් සෑම විටම අලූත් දෙයක් සොයා යන පිරිස්ය . එම නිසා ඔවුන්ව දැනුමෙන් පෝෂණය කළ යුතුය.
සමාජයෙහි කේන්ද‍්‍රීය ලක්ෂණය පුද්ගලයා වේ. පුද්ගලයාගේ ඓක්‍යයෙන් තොරව සමාජයක් නිර්මාණය නොවේ. පුද්ගලයා යනු සමාජ පද්ධතියේ ක‍්‍රියාකාරයෙකි. ඔහුගේ අවශ්‍යයතා සහ ඔහුවටා ගොඩනැගෙන සියලූ කාරණා ඔහුට බලපාන අතර එය සමාජ කාරණා බවට ද පරිවර්ථනය වේ. ඔහුව මෙහෙය වන්නේ සමාජ පද්ධතික කාරණාවන්ය. සමාජය යනු ඇති තැන නිදහස නැති බවට ඇති තර්තයකි. පුද්ගල ආත්ම ඥාන සංවර්ධනයේ දී මෙම ව්‍යුහීය කාරණා වැදගත් වේ.
මාධ්‍ය යනු පුද්ගලයාගේ ප‍්‍රධාන සන්නිවේදන උපකරණයකි. මාධ්‍යය මගින් ශ‍්‍රවනය කරන දේ පුද්ගලයා ප‍්‍රායෝගික ජීවිතයටද ඇදා ගනි. එම නිසා මාධ්‍ය තුළින් නිරන්තරයෙන් පුද්ගලයාට ආදර්ශමත් දේ ලබාදිය යුතු ය.
ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණිය ලක්ෂණයකි. අර්ථවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයට අනුගතව ය. ආචාර ධර්ම වල උපයෝගීතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්ධර්භයට ප‍්‍රවේශවීමේ ශාක්‍යතාවය ප‍්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවුවත් සමාජයීය මිනිසකු වීමේ ශාක්‍යතාවය ප‍්‍රගුණ කළ හැකිය.
මාධ්‍යවේදියා යනු සමාජ පර්යේෂකයෙකි. ඔහු සතු වෘත්තිය පුහුණුව, සමාජය පිළිබද විද්‍යාත්මක දැනුම සහ ඒ පිළිබද චින්තනමය හැකියාව, ආචාර ධර්මීය පදනම, සමාජ ප‍්‍රවර්ධනය සදහා ගුණාත්මක හැසිරීම වෘත්තිය මාධ්‍යවේදියා සාමාන්‍ය මාධ්‍යවේදියාගෙන් වෙන් කරනු ලබන සුවිශේෂි ලක්ෂණ වේ. ඒ අනුව මාධ්‍යවේදියා ආචාර ධර්ම වලට අනුකුලව කටයුතු කළ යුතුය.
ෂා ගුවන් විදුලියේ වැඩසටහන් වලට යොදා ගෙන ඇති නම් ද ඉංග‍්‍රිසි භාෂාව සම`ග මිශ‍්‍ර වු වචනය. නිදසුන් කිහිපයක් ලෙස සින්දු එක්ස්ප‍්‍රස්, ෂා හිට් 21, සන්ඬේ මික්ස් චාර්ට්, ෆැන් ක්ලබ් සදහන් කළ හැකිය. මෙම ගුවන් විදුලිය තරුණ පරපුර වැඩිවශයෙන් ඉලක්ක කරගනු ලැබේ.මේ වැඩසටහන් වලදි ඉදිරිපත් කිරීම් වලදී යොදාගන්නා භාෂාව ද මෙලෙසමය.
නිවරදි බව විඥානගත වු කල්හි එය නිරායාසයෙන්ම ක‍්‍රියාවට නැගෙන බව ග‍්‍රීක දාර්ශනික සොක‍්‍රටීස්ගේ ද මතයයි. මෙහි ප‍්‍රතිවිරුද්ධ සාධකය ද මෙම තර්කය තුළම සාධාරණිය කළ හැකිය. එම නිසා භාෂාව නිවරදිව පරිහරණය කළ යුතුය. ෂා ගුවන් විදුලියේ භාෂාව පරිහරණය කරන ආකාරය තුළින් සමාජයේ පවතින සාරධර්මද පිරිහීමට ලක්වේ. එම නිසා සමාජය බටහිරකරනයට ලක් නොකර භාවිතා කරන භාෂාව වෙනස් කළ යුතුය. එවිට සමාජය යහපත් ආකාරයෙන් ගොඩනැගේ.
එ අනුව අවසාන වශයෙන් නිගමනය කළ හැකි වනුයේ ෂා ගුවන් විදුලිය ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කරන බවයි.
Followers
Friday, August 11, 2017
Tuesday, August 8, 2017
මහනුවර
මහනුවර
හෙවත් සෙංකඩගල නගරය ලංකාවේ දෙවන විශාලම නගරය යි. වර්තමානයේ දළදා මාළිගාව පිහිටා ඇත්තේ මෙහි ය. මෙය කඳුවලින් වට වී ඇති මහනුවර සානුවෙහි
පිහිටා ඇත. මහනුවර නගරය ශ්‍රී ලංකාවේ නගර අතරින් ඉතාමත් විචිත්‍ර වූ නගර
වලින් එකකි. මෙය
මහනුවර,මාතල් , නුවර එළියයන
දිස්ත්‍රික්ක වලින් සැදුම් ලත් මධ්‍යම පළාතේ අගනගරය යි. මෙය යුනස්කා්වව
විසින් ලෝක උරුමයක් ලෙස නම් කර ඇත
ඓතිහාසික
ලේඛනයන්ට අනුව මෙම නුවර මුල්වරට
ගොඩ නගා ඇත්තේ වික්‍රමබාහු රජු විසිනි (1357–1374).
ඔහු මෙය වර්තමාන නගරයට
උතුරින් පිහිටි වටපුළුව ප්‍රදේශයේ ගොඩනගා එයට 'සෙංකඩගලපුර' යන
නම දී ඇත. සෙංකඩගලපුර නම ලැබීමට නිශ්චිත හේතුවක් දැනට සොයා ගෙන නැති අතර, ඉතිහාසඥයන් පවසන්නේ නගරය ආසන්නයේ ගුහාවක වැඩ වාසය කළ 'සෙංකන්ඩ' නැමැති තාපසයෙකුගේ නමින් මෙය නම් කරන්නට ඇති බව යි. මෙය රජුගේ 'සෙංකන්ඩ' නමැති බිසවක මුල් කරගෙන හෝ සෙංකඩගල නම් වර්ණිත පාෂාණයක් මුල් කරගෙන
නම් කරන්නට ඇති බව අනෙක් මතය යි
මහනුවර යන්න අගනුවර සඳහා සමාන පදයක් වේ. එබැවින් සෙංකඩගලපුර රටේ අගනවර
ලෙස පැවති යුගයේ මහනුවර යන නාමය
භාවිතයට පත්ව ඇත. පසුව කොළඹ අගනුවර
බවට පත් වුවද ජනතාව විසින් දිගටම මහනුවර
වදන භාවිතා කරමින් පවතී.
ක්‍රි.ව. 1592
වර්ෂයේ දී සෙංකඩගල අග නගරය බවට පත් විය. ක්‍රි.ව. 16,
17, 18 යන ශතවර්ෂවල දී ඇති වූ
පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණ ද අවසාන ලෙස බ්‍රිතාන්‍යය ආක්‍රමණයන් ද සාර්ථකව මැඩපවත්වන ලදී. මහනුවර 19
වන ශත වර්ෂය තෙක් ස්වාධීන
රාජ්‍යයක් ලෙස පැවතිනි. ඉන් පසු බ්‍රිතාන්‍යයන්
සමඟ ඇති වූ දෙවන මහනුවර
සංග්‍රාමයේ දී බ්‍රිතාන්‍යයන් 1815
පෙබරවාරි මස 15 වන දින නගරය වෙත ළඟාවෙන ලදි. 1815 මාර්තු
2 වන දින මගින්
මහනුවර ඇතුලු සමස්ථ දිවයින ම බ්‍රිතාන්‍යයන්ගේ යටත් විජිතයක් බවට පත් විය.එසේ වීමට හේතුව වුයේ උඩරට රදළ වරුන්ගේ ක්‍රියා
කලාපයයි. ඔවුන් එකල රජ කල ශ්‍රී වික්‍රම රාජසිංහ රජු මරා රජ
වීමට උස්සහ කලහ. මෙම කත් එදිල්ලේ
ප්‍රතිඵලයක් ලෙස උඩරට යටත් විය.
පුරාණේ භාවිතා කළ නාමය
ශ්‍රී
සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර
මහනුවර වැඩවසමින් රාජ්‍යය විචාළ රජවරු
- සේනාසම්මත වික්‍රමභාහු (මහනුවර පලමු වරට පාලන මධ්‍යස්ථානය වශයෙන් තෝරාගත් රජු)
- දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඥාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
- කොනප්පු බංඩාර රජ දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැතිව රජවීම
- දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව නාමිකව රජවීම)
- Iවන විමලධර්මසූරිය රජ: 1591-1604
- සෙනරත් රජ (සේනාරත්න): 1604-1635
- රාජසිංහ 2: 1629-1687
- විමලධර්මසූරිය 2: 1687-1707
- ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු: 1707-1739
- විජය රාජසිංහ: 1729-1747
- කීර්ති ශ්‍රී රාජසිංහ: 1747-1782
- රාජාධි රාජසිංහ: 1782-1798
- ශ්‍රී වික්‍රම රාජසිංහ: 1798-1815
Friday, August 4, 2017
රාවණා රජු
රාවණ හෙවත් රවුළු යනු
වංශ අභිදානයකි
රාවණ නමින් හැදින්වෙන්නේ ලංකාවේ රජකල
මනුගෙන් පටන් දශානත් රාවණ දක්වා වූ රක්ෂස රජවරුන් භාවිතා කළ අභිදානයකි. සූර්ය වංශය
යනු එහි අරුතයි. රා, රේ යනු සූර්යාට කියන අපර නාමයකි. වන යනු වංශය, බබලවන්නා
යන අරුත් ගැන්වේ. වෛශවන යන්ද ඇතැම් රක්ෂස රජවරුන් භාවිතා කළ අභිනාමයකි. පසුකාලීනව
පරාක්‍රමභාහු, විජයබාහු යන නම් රජවරු කිහිප දෙනෙක්ම යොදා ගත්තාක් මෙන් රාවණ
යන්නද කිප දෙනෙක්මයොදා ගත්තේය. ඉන් එක් අයෙකි දශානත් මහා රාවණ. හෙතෙම රම රජු හා
යුධවැදින. බුදුන් සමයේ ලංකාවේ පාලකයා වූයේ සුමන සමන් නැමැත්තෙකි. හෙතෙම රාවණ හා
වෛශවන යන අභිදානයන් දෙකම භාවිතා කල බව ලංකාවතර හා ආටානාට සූත්‍ර ඇසුරෙන් නිගමනය කළ
හැක.
රාවණ (IAST : Rāvaṇa; / ˈrɑːvənə/ ; සංස්කෘත දී : रावण) යනු
පුරාණ ලංකා පුරාවෘතයන් හි සදහන් වන බලසම්පන්න රජ කෙනෙකි. දසිස් රාවණ, විසැස්
රාවණ ලෙසද හදුන්වනු ලබන මෙතුමා වඩා ප්‍රසිද්ධ වූයේ ඍෂි වාල්මිකී විසින් රචිත
ඉපැරණි ඉන්දීය මහා කාව්‍යයක් වන රාමායණයෙහි ඇති ප්‍රධාන දුෂ්ට චරිතය ලෙසය. කෙසේ
වෙතත් රාවණ රජු ධෛර්යසම්පන්න, දක්ෂ පාලකයෙකු වන අතරම දේශීය ආර්යුවේද
වෛද්‍ය ශිල්පයේ ද හා නිර්මාණකරණයෙහි ද පුරෝගාමියෙකු ලෙසද ප්‍රකට ය. එමෙන්ම අතිදක්ෂ
වීණා වාදකයෙක් බවත් කියැවේ.
'පුෂ්පික විමානය' හෙවත් දඬුමොණරය යානය
ඔහුගේ නිපැයුමක් ලෙසද සැලකේ. තවද ආර්යුවේද වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධව 'අර්ක ශාස්ත්‍රය' හා
තාරකා විද්‍යාව පිළිබඳව 'රාවණ සංහිත' කෘතීන් ද රාවණ රජු විසින් රචනා කරන ලදී.
ලාංකීය ඉපැරණි සටන් කලාවක් වන
අංගම් සටන් ශාස්ත්‍රය හි වැඩිදියුණු කිරීම් සදහාද ඔහු විශේෂ දායකත්වයක් ලබාදුන් බව
ජනප්‍රවාද වල සදහන් වේ.
රාවණ රජු දුෂ්ටයෙකු ලෙස බොහෝ තැන් වලදී
හදුන්වා දුන්න ද ලංකාව තුළ රාවණ චරිතය දේවත්වයෙන් සළකනු ලබයි. එසේම ඉන්දියාවේ ප්‍රදේශ
කීපයක මෙන්ම බාලි දූපත් වල (වර්තමාන ඉන්දුනීසියාව) ද රාවණ රජු ඇදහීම සිදුවේ. [2]
රාවණ,
ශිව දෙවියන්ගේ විශේෂ අනුගාමිකයෙක් ලෙසට
හින්දු බැතිමතුන් අතර විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් 'ලංකාවතාර සූත්‍රය' නම්
බෞද්ධ කතා වස්තුවට අනුව රාවණ රජු බුදුදුහම කෙරෙහි ද නැඹුරුවක් පැවැති බවත් සදහන්
වේ
Subscribe to:
Posts (Atom)