Followers

Wednesday, August 2, 2017

කැනඩාව
කැනඩාව උතුරු ප්‍රදේශය ඇමරිකාවෙන්ද , නැගෙනහිර දෙසින් අත්ලාන්තක් සාගරයෙන්ද සිට බටහිරින් ශාන්තිකර සාගරය සහ උතුරු දෙසට ආක්ටික් සමුද්‍රය අතර තම දේශය ගොඩනගා ඇත.     සමස්ථ  ප‍්‍රදේශයන්ගෙන් ලොව දෙවන විශාලතම භූමි රට වන කැනඩාව ගොඩබිම් ප‍්‍රමාණයන්ගෙන් ලොව හතර වන ස්ථානයට උරුමකම් කියනු ලබයි. දේශයෙන් බොහෝ ප‍්‍රදේශයක් හිම ක`දු සහ වනාන්තර වලට හිමිය. රොකී ක`දු වැටිය ඉන් ප‍්‍රධානවේ. කැනඩාවේ අගනුවර ඔටාව වුවත් විශාලතම නගරය ටොරින්ටොයි. ප‍්‍රධානම භාෂාව ඉංග‍්‍රීසි වුවත් බොහෝ දෙනෙක් ප‍්‍රංශ බස කතා කරයි. ඊට අමතරව දේශිය භාෂා 10ක් පමණ භාවිතා වනවා  සමස්ථ ජනගහනයෙන් 77.3 % සුදු ජාතිකයන් කැනඩාව නිදහස් රටක් වුවත් එය බ‍්‍රිතාන්‍යයේ  එළිසබට් රැුජිනට වගකියන දේශයක් ලෙසයි තවමත් පවතින්නේ කැනඩාවේ අග‍්‍රාමාත්‍යවරයා ජස්ටින් ටෘඩි. මෙම දේශය වර්ග කිලෝ මීටර් අනුනව ලක්ෂ අසුහතර දහස් හයසියහැත්තෑවකින් යුක්තයි. ජලයට යටව ඇති මුහුදු ප‍්‍රමාණය 891163 ජනගහනය 36048521  එය ලොව 7 වන ස්ථානය හිමිකරගනී.

ලොව ඉතා දිගු විල් පිහිටා ඇති දේශය, ලොව ඉතා දිගු වෙරළ තීරය පිහිටා ඇති දේශය ලෙස මෙරට හ`දුනාගත හැකිය. කිලෝමීටර් 2500ක වෙරළ තීරයක් මෙරටට හිමි වේ.ඊක්ජන ිැරරහ ිප්රඑ චයදබැ නිර්මාණය කළ රට ශිත ඔලිම්පික්  තර`ගාවලියකදී වැඩිම රන් පදක්කම් ප‍්‍රමාණයක්  දිනාගත් රට,සමස්ථ කැනඩාවෙන් 30%ක් ම වනාන්තර වසර 100ක් තුළ ජාතික කොඩි 13ක් නිර්මාණය වුවත් අවසානයේ දෙපස රතු තීරු දෙකක් සහ සුදු පසුබිමේ  රතු මෙපල් සහිත කොළය 1965 සිට භාවිතා වෙනවා.

ෆෙඩරල් පාර්ලිමේන්තුවක් සහිත කැනඩාවේ රාජ්‍ය නායකයා වන්නේ බ‍්‍රිතාන්‍යයේ දෙවන එළිසබට් රැුජිණයි. එවගේම  එක්සත් ජනපදය සම`ග පවත්නා වු දිගුකාලීන සබ`දතාවය කැනේඩියානු ආර්ථිකයට විශාල ශක්තියක් වේ. කැනඩාව ලොව දියුණ රාජ්‍යයක්  ඒක පුද්ගල ආදායම අතින් දසවන ස්ථානයත් මානව සංවර්ධන දර්ශකයේ නව වන ස්ථානය හිමිකරගෙන සිටින ඔවුන් බොහෝ සංක‍්‍රමණිකයින්ට  සිය දේශසීමා විවර කරන ලදි. උතුරු ඇමරිකානු මහද්වීපයේ උතුරු ප‍්‍රදේශයේ පිහිටි කැනඩාව පළාත් 10කට සහ ප‍්‍රධාන භූමි ප‍්‍රදේශ 3කට වෙන්වේ. මුඵ භූමි ප‍්‍රමාණයෙන් වර්ග කිලෝමීටර් මිලියන 9.9කි. ඒ වගේම එහි ඇති එකම දේශසීමාව වන්නේ ඇමරිකානු දේශසීමාවයි. මෙය ලොව විශාලතම දේශසීමාවත් වේ.
ලොව දිගුම වෙරළ තීරය හිමි වන්නේ කැනඩාවටයි. එය කිලෝමීටර් 243042 කි. කැනඩාවේ විවිධ වනාන්තර කලාප 8ක් පිහිටා තිබෙනවා. එසේම විල් ලක්ෂ20 ක් මෙරටට හිමි. ඉන් වර්ග කිලෝමීටර් 100 වැඩි විල් 563 කි. මෙහි ඉතා පිරිසිදු ජලය ඇති බවටයි සලකන්නේ. සො`දුරු පරිසර පද්ධතියක් මෙන්ම  භූගෝලීය වශයෙන් ගිණික`දු සහ භූමිකම්පා කලාපා කලාපයක කැනඩාව පිහිටා තිබේ.

ජෛව විවිධත්වයන්ගෙන් යුත් භූමි කලාප 15ක් සහ සාගර කලාප 5ක් කැනඩාව සතු වේ. සුවිශේෂි ක්ෂිරපායි සතුන් 200ක් පමණ කැනඩාවේ ජීවත් වේ. විශාල භෞමික ප‍්‍රමාණය සහ විවිධ වනාන්තර කලාපයන්ට අයත්  වනාන්තර ක`දු තැනිතලා මෙම සතුන්ට ආහාර සහ රැුකවරණය සලසයි. වවුලන් වර්ග රාශියක් ද වලසුන් තල්මසුන් සහ මුහුදු සිංහයින් බහුලව කැනඩාවේ දක්නට ලැබේ.


 සමස්ථ කැනඩා භූමියෙන්  42% ක් වනාන්තර සහ තෘණ භූමිවලින් යුක්තයි. කැනඩාව ෂතුව විශාල දේශිය සහ විදේශිය සංචාරක කර්මාන්තයක් පවති. විවිධත්වයන්ගෙන් යුක්ත භුමි ප‍්‍රදේශයන් නිසා සංචාරක කර්මාන්තයට හිමි වනුයේ සුවිශේෂි ස්ථානයකි. වසරකට මිලියන11 කට අධික සංචාරකයින් පිරිසක් කැනඩාවට පැමිණේ.

 කැනඩාව සතුව ඇත්තේ මිශ‍්‍ර ආර්ථිකයක් එමෙන්ම එය ලොව හොදම වෙළ`දපොළ 10න් එකක් ද වේ. ලොව 11 වෙනියට විශාලතම ආර්ථිකය හිමිවන්නේ  කැනඩාවටයි. කැනඩාව වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 31 ක පමණ පර්යේෂණ සහ සංවර්ධන ස`දහා වෙන් වෙනවා.එමෙන්ම ඔවුන් රසායන විද්‍යාව භෞතික විද්‍යාව වෛද්‍ය විද්‍යාව සදහාත් මේ වන විටත් නොබෙල් ත්‍යාග 13 ක් දිනාගෙන තිබේ. රුසියාව සහ ඇමරිකාවට පසුව වැඩිම චන්ද‍්‍රිකා ප‍්‍රමාණයක් කක්ෂි ගත කළ රට වන්නේ ද කැනඩාවයි.

කැනඩාවේ ආහාර ප‍්‍රදේශයෙන් ප‍්‍රදේශයට වෙනස් වේ. විශේෂයෙන්ම ඉංග‍්‍රීසි ස්කොට්ලන්ඞ් සහ ප‍්‍රංශ  නැගෙනහිර යුරෝපීය සහ දකුණු ආසියාතික ආහාර මිශ‍්‍ර වි තිබේ.



සෞන්දාර්ය චමත්කාරය සහිත තවත් රටක තොරතුරු ඉදිරියේදී

No comments:

Post a Comment