Followers

Wednesday, July 19, 2017

ලොව වටා තොරතුරු
                                                                                                                                     
බංගලාදේශය

       ඉන්දියාවට මියන්මාරයට සහ බෙංගාල බොක්කට මායිම්ව පිහිටා ඇති බංගලාදේශය ඉතා ආසන්නයෙන් නේපාලය සහ භූතානය ද පිහිටා තිබෙනවා.අකුණු ආසියාවේ දුප්පත්ම දේශය ලෙස බංලාදේශය සැලකේ. භුමි ප‍්‍රමාණයෙන් ලොව 92 වන ස්ථානයේ පසු වුවත් ජනගහනය අතින් ඔවුන් පසුවන්නේ ලොව අටවන ස්ථනයයි. ඒ අනුව අඩු භුමි ප‍්‍රමාණයක  වැඩිම ජනගහනයක්  දිවි ගෙවන රට ලෙස බංගලාදේශය හැදින්වේ. ලොව වැඩිම ස්වභාවික විත්වලට මුහුණ දෙන රට ලෙසත් සමස්ථ ජනගහනයෙන් 32% අන්ත දුප්පතුන් ලෙත් හදුනාගත හැකිය. ජාතික ආහාරය කොස් සමස්ථ ජනගහණයෙන් 50% දිවිගෙවන්නේ ගොවිතැනින්. වර්ග කිලෝමිටර් 2172000 ක් වන ලොව විශාලම මුහුදු බෙක්ක වු බෙංගාල බෙක්ක පිහිටි රට ලොව පෞරාණිකම විශාලතම බෞද්ධ පන්සල පිහිටා ඇති රට සුන්දර බෙංගාල ව්‍යග‍්‍රයාගේ නිජබිම සාක්ෂරතාවයෙන් පිරිමි 50% ස්ත‍්‍රින් 30% ක් වේ. ජනගහණය මිලියන 169ක් ඉන් 90%ක්ම ඉස්ලාම් භක්තිකයන් වේ


දියලූ භූමියන්ගෙන් සහ බොහෝ ගං`ගා ගලා බසින සාරවත් නිම්නයන්ගෙන්  සපිරි බංගලාදේශයේ අගනගරය ඩකා ජාතික භාෂාව වන බෙංගාලී බසට අමතරව චක්මා, කොක්බොරොක්, මනිපුරි මෙන්ම ආදී වාසි භාෂාවන් ද භාවිතා කරයි. පාර්ලිමේන්තුවට වගකියන ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක්  පවතින මෙරට ජනාධිපතිවරයා අබ්දුල් හමීඞ්. අගමැතිධුරය දරන්නේ ශේක් හෂිණා යි.දරද්‍රතාවයේ පත්ලේ ඇති රටක් වශයෙන්  ඒක පුද්ගල ආදායම අතින් ලොව 144 වන ස්ථානයේ  ඔවුන් පසු වේ. ගංගා නම් බ‍්‍රහ්ම පුත‍්‍ර ගංගා සහ සේද මාවත නිසා අතීතයේ පටන් බංගලාදේශය ග‍්‍රීක් සහ රෝමවරුන් දැන සිටියා පාලා සහ හසේනා යුග වලදී  මෙම ප‍්‍රදේශ වල ජනතාව භාෂාව සාහිත්‍යය සංගීතය කලාව මෙන්ම ගෘහ නිර්මාණ ශිල්පය ද හ`දුනාගැනුනා. දෙවන ශතවර්ශයේ දී ඉස්ලාම් දහම මෙහි පැළපදියම් වුවා.


14 වන ශත වර්ශයේ දී ශම් සුද්දීන් එලියාන්ශානම්  බෙංගාල සුල්තාන්වරයා යටතේ පාලනය වු බෙංගාලයට වසර 22000ක් පමණ පැරණී ඉතිහාසයක් තිබෙනවා. පුරා වෘතයක් බවට පත්ව ඇති බෙංගාලයේ වෙඞ්නා රාජධානිය පිළිබ`දව  ඉන්දියානු ග‍්‍රන්ථයක් වන මහා භාරතයේ  ස`දහන් වේ. ඒ අනුව බෙංගාලි කුමාරයෙක් වන විජය ලංකාවට පැමිණ එහි ජනාවාස ආරම්භ කළ බවත්  ස`දහන් වේ. ලංකාවේ පමණක් නොව  බෙංගාලි ජනතාව මැලේසියාවේ සහ  ඉන්දුනීසියාවේ ජනාවාස ඇති කළ බව පුරා වෘතයන් හී ස`දහන් වේ. පාලා අධිරාජ්‍යයා සමයේ බෙංගාලයේ පැතිර ගියේ  මහා යාන බුදු සමයයි. සෝමපුර මහා විහාරය නාලන්දා සහ වික‍්‍රමශීලා විශ්ව විද්‍යාල එකල ලොව අධ්‍යාපන ෙක්‍ෂත‍්‍රයේ  කැපි පෙනුණි.
11 වන ශතවර්ශයේ දී හින්දු සේනා රජපෙළපත මෙහි බලවත් වීම නිසා බුදු දහම යටපත් වී  හින්දු දහම හිස ඔසවන ලදී. හින්දු කලාව සහ බලකොටු සම්ප‍්‍රදාය ඔවුන්ට ලැබුණේ එම යුගයේ දීය. 14 වන ශතවර්ශය වන විට බෙංගාල දේශය මුස්ලීම් සුල්තාන්වරයෙකුගේ පාලනය යටතේ ඇ ස්වාධින භූමි ප‍්‍රදේශයක් බවට පත් විය. දකුණු ආසියාවේ  විශාලම දේවස්ථානය ඉදි කළේද මෙම කාල පරාසය තුළදීය. අනතුරුව 16 වන ශතවර්ශයේදී මහා අක්බර් රජතුමා විසින් ගොඩ න`තන මෝගල් අධීරාජ්‍යය තවදුරටත් මෙරට මුස්ලීම් පාලනය යටතට ගැණුනා. 1757 ජුනි 23 වන දින බෙංගාලය ඉංග‍්‍රිසි කොළොනියක් බවට පත් වුවා ඉංග‍්‍රීසි පාලන කාලය තුළ බෙංගාලය ඉන්දියාවේ නිදහස් සටන් ව්‍යාපාර සහ කලාවේ තොටිල්ල බවට පත්විය. මහත්මා ගාන්ධී ප‍්‍රමුඛ රාජාරාම් මෝහන් ජගදීස් චන්ද්‍රඝෝෂ් රවින්ද්‍රනාත් තාගෝර් ගෝපාල් ක‍්‍රිෂ්ණා ගෝකූල් මේ අතර කැපී පෙනේ  අද බෙ ලෙසගාලය සිතන දේ  හෙට සමස්ථ ඉන්දියාවම  සිතයි යන සටන් පාඨය පෙරටු කරගෙන ඔවුන් නිදහස වෙනුවෙන් විවිධාකාරයෙන් මැදිහත් වුවා. ඉංග‍්‍රිසි පාලන යුගයේ දී නැගෙනහිර බෙංගාලයේ  වැවිලි කර්මාන්තය ජුට්හාන සහ තේ වගාව දුම්රිය සහ මහා මාර්ග මෙන්ම චිතගෝන් වරාය දියුණු තත්වයකට පත් වුවා.
ගංගානම් බ‍්‍රහ්ම පුත‍්‍ර ගංගාවන් 57 ක් බංගලාදේශය හරහා බෙංගාල බොක්කට ගලා බසිනවා ඒ නිසා ලොව සාරවත් නිම්න සහිත දේශයක් ලෙස මෙරට ස`දහන් වනවා. බංගලාදේශ භූමියෙන් වැඩි ප‍්‍රමාණයක් මුහදු මට්ටමිමේ සිට මීටර් 12 ටඅඩුවෙන් පිහිටා ඇති අතර සමස්ථ භූමී ප‍්‍රමාණයෙන් 17% ක් වනාන්තර ලෙෂත් 12% ක් ක`දු බදවත් පිහිටනවා. දකුණු ප‍්‍රදේශ උණුසුම් වන අතර උතුරු ප‍්‍රදේශය සුඵ කෙටසක් හිම පතනයට ලක් වනවා. දිගු වෙරළ තීර ගංගා සහ විල් තලා  වැසි වනාන්තර ක`දු පන්ති හිම පතන සහ බංගලාදේශ පැළැටි වර්ග 6000ක් සහ මල් වර්ග 5000 ක් ජලජ ලීලී සහ නෙඵම් යන ජලජ පැළැටී විශාල සංඛ්‍යාවක් ද වනෝද්‍යාන 50 ක් වර්ග කිලෝමීටර් 6000ක් වන ලොව විශාලතම කඩොලාන වනාත්තරය සුවිශේෂි වේ.අාසියානු අලි ඇතුන්  ගැබන් වදුරන් කලූ වලසුන් බෙංගාල නරින්  ගංගා ආශ‍්‍රිත බෙංගාල ඩොල්ෆින්  ද බංගලාදේශය තුළ දැකිය හැකිය.
 

 

 


 විශේෂයෙන්ම නිම් ඇදුම් කර්මාන්තය  එහි ප‍්‍රධාන ආදායම් මාර්ගය ලෙෂ වර්ධනය වෙමින් පවතිනවා. කෘෂිකර්මාන්තය සහ මුහුදු  යාත‍්‍රා නිෂ්පාදන හැරුණු කොට රෙදි පිළි නිෂ්පාදනය නිම් ඇදුම් සැකසීම බෙහෙත් යකඩ ගොඩනැගිලි උපකරණ  ඉලෙක්ට්‍රොනික උපකරණ රසායනික ද්‍රව්‍යය සෙරමික් හම් කර්මාන්තය සහ ආහාර සැකසුම ප‍්‍රධාන නිෂ්පාදන කාර්යයයන් වෙනවා. අපනයන කර්මාන්තය වර්තමානයේ බංගලාදේශයේ ප‍්‍රධාන ආදායම් මාර්ගයක් බවට පත්ව තිබේ.

බෙංගාල නාට්‍ය්‍ය ඉතිහාසය 4 වන ශතවර්ශය දක්වා ගමන් කරයි. බංගලාදේශයේ කාන්තාවන්ගේ ජාතික ඇ`දුම සාරියයි කුරතා පිරිමි පක්ෂයේ ජාතික ඇදුමයි. උත්සව අවස්ථා වලට ලූංගි සහ ජෝතිය භාවිතා කරයි.
සෞන්දාර්ය චමත්කාරය සහිත තවත් රටක තොරතුරු ඉදිරියේදී,

Saturday, July 15, 2017

sri dalada wahansege ithihasaya



ශ්‍රී දළදා වහන්සේගේ ඉතිහාසය
බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් තිස්සේ දේශනා කොට වදාළ ශ්‍රී සද්ධර්මයේ පහස ලැබුවා වූ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ සර්වඥ ධාතුන් වහන්සේ අතර වඩාත් උතුම් කොට ගෞරව බහුමානයට හා අද්විතීය උත්තරීතර භාවයට පාත‍්‍ර වේ
 
දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනුව බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දන්තයෝ සුභ‍්‍ර වර්ණයෙන් යුක්ත වූවාහුයග අවිවර දන්ත වියග එක් ඇන්දක විස්ස බැගින් සමචත්තාලිස දන්තයෝ වූහයි බෞද්ධ පොත් පත්වල සඳහන් වේ
දඹදිව කුසිනාරා නුවර මල්ල රජ දරුවන්ගේ උපවර්තන නම් සල් උයනෙහි සල් රුක් සෙවනෙහි සිදු වූ සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු උන්වහන්සේගේ ශ‍්‍රී දේහය ආදාහනය කිරීමේදී සතර දළදා වහන්සේ දල දෙඅකු ධාතුන් වහන්සේ දල ලලාට ධාතුන් වහන්සේ ද විසිර නොගොස් අළු බවට පත් නොවී නො විසිරී ශේෂ වූවාහුයග සෙසු ධාතුන් වහන්සේ සමන් කැකුළුල සුදු මුතුල අබ ඇට පමණ වීල සමීපමාත‍්‍ර වී කඩ සහල් පමණ වීල මුං ඇට පියළි පමණ වී ශේෂව දෙනෙහි ගිනි සංසිඳුනේයග එකෙණෙහි කුසිනාරා නුවර මල්ල රජදරුවෝ සුවඳ පැණින් රන් කළල රිදී කළ පුරවා වත් කොට දැවුණු චන්දන චිතකයෙහි ගිනි නිවූහග අවට රැුකවල්ලා ධාතුන් වහන්සේ ආරක්ෂා කළහ
මහා පරිනිබ්බාන සූත‍්‍රයල සුමංගල විලාසිනිය හා බුද්ධ වංශයෙහි එන තොරතුරු වලට අනුව ධාතු විභජනයේදී බුදුරජාණන් වහන්සේ පිරිනිවි බව දත් සැණෙන් දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ කුසිනාරා නුවරට සේනා සහිතව පැමිණල ධාතුන් වහන්සේට ඇති තම අයිතිය කියා පාමින් යුද්ධ කොට හෝ ගනිමැයි සිතා ධාතුන් වහන්සේ ඉල්ලා සිටියහග සිදුවිය හැකි අර්බුදය දුටු ද්‍රෝණ නම් බ‍්‍රාහ්මණ ආචාර්යවරයා සියලූ දෙනා සම`ගි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දීමෙන් අනතුරුව එම පිරිස් සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍ය අටක් ඒ ඒ රාජධානින්හි පිහිටුවා පූජෝපහාර පැවැත්වූහග එම චෛත්‍ය අට දල ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදා දුන් නැළිය නිදන් කොට කුම්බස්තූපනම් චෛත්‍ය දල පිප්පලී නුවර මෞර්ය රජවරු චිතකය තිබූ තැනින් ලබාගත් අ`ගුරු තැන්පත් කොට කරවූ අංගාර චෛත්‍යය ද වශයෙන් චෛත්‍ය දහයක් පළමුව ඇතිවිය
අළු නොවී ශේෂ වූ සතර දළදා වහන්සේ අතුරෙන් එක් දළදාවක් සක‍්‍ර දේවේන්ද්‍රයා විසින් රැුගෙන ගොස් තව්තිසාවේ දල තවෙකක් නා රජු රැුගෙන ගොස් නා ලොව දල තවෙකක් ගන්ධාර දේශයෙහි දල නිදන් කොට සෑයන් බඳවා වන්දනා කරනු ලැබුහග ඛේම නම් රහතන් වහන්සේ ස්වකීය සෘද්ධි බලයෙන් වාම ශී‍්‍ර රදනක දන්ත ධාතුන් වහන්සේ ගෙන කළි`ගු රට බ‍්‍රහ්මදත්ත රජු ත‍්‍රිවිධ රත්නයෙහි පිහිටුවා පූජා සත්කාර කරනු වස් භාර දුන්හග කාලිංග රාජාවලියේ ගුහසීව නමැති රජු දවස මිසදුටු ප`ඩි රජු නිගණ්ටයන්ගේ බස් අසා ශී‍්‍ර දළදා වහන්සේ පැහැරගනු වස් තම සෙන්පති චිත‍්‍රයාන ලවා කාලිංග රාජ්‍යය ආක‍්‍රමණය කළේයග එමතු ද නොව නිඝන්ඨයන්ගේ උපදෙස් අනුව ශී‍්‍ර දළදා වහන්සේ ගිනි වළක ලා හළු කිරීමට ද වරෙක වානේ කිණිහිරියක තබා යකුළු පහර දී කුඩු කිරීමට ද තවත් වරෙක මහා වලෙක බහා පස් පුරවා ඇතුන් ලවා පෑගවීමට ද අවසානයෙහි මල මූත‍්‍රාදියෙන් පිරුණු අගලකට හෙළීමට ද කුරිරු ලෙස නියෝග කළේය
හැම විටෙකම විස්මිත ප‍්‍රාතිහාර්යය පෑ ශී‍්‍ර දළදා වහන්සේගේ බලමහිමය මැඩලීමට නොහැකි වූ තැන ඇමතිවරුන්ගේ අනුශාසනය පරිදි ශී‍්‍ර දළදා වහන්සේට මහත් ගෞරව නමස්කාර පූර්වකව වැඳ වැටී කළ වැරදි වලට සමාව ඇයැද තම හිස මතට වඩින ලෙසට ආයාචනා කර සිටියේයග එකල්හි සුදු බුදු රැුස් විහිදුවමින් පෙළහර පාමින් රජු හිස මතට වැඩි දළදා වහන්සේ මහත් හරසරින් පිළිගත් රජු විචිත‍්‍ර ලෙස තැනවූ ශී‍්‍ර දළදා මාලිගාවක් තනවා වඩා හිඳුවා පුද සත්කාර කළ බව වංශ කථාවලින් හෙළිවේග
යුධ සටන් නිමවීමෙන් පසු ප`ඩි රජු සම`ග හිත මිතුරු වූ ගුහසීව කළි`ගු රජු නැවත ශ්‍රී දළදා වහන්සේ තමා වෙත ලබාගැනීමට සමත්විය
සර්වඥ ධාතුන් වහන්සේ අතුරෙන් ජීවමානව වැඩ සිටින එකම ධාතුන් වහන්සේ මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ වැඩසිටින වාම ශී‍්‍ර රදනක දාඨා ධාතුන් වහන්සේයග ශ්‍රී ලාංකික බෞද්ධයන් පමණක් නොව සකල ලෝකවාසි බෞද්ධයෝම ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා දළදා වහන්සේ වන්දාභිවන්දනයෙන් හා නන්විධ පූජාවෙන් පුදතිග දළදා වහන්සේ යනු ජීවමාන බුදුරජාණන් වහන්සේ බවට බලවත් විශ්වාසයක් හා හැ`ගීමක් බෞද්ධයන් අතර පවතීග මේ නිසාම රාජ්‍ය පාලකයන්ගේ පමණක් නොව පුරවැසියන්ගේත් අති උතුම් පූජා සංකේතයක් ලෙස දළදා වහන්සේ සම්භාවනාවට පාත‍්‍රවියග රාජ්‍යත්වයේ සංකේතය මෙන්ම කලට වැසි ලබාදී රට සමෘද්ධිමත් කළහැකි විස්මිත බලයක් ඇති මහාර්ඝ වස්තුවක් ලෙස ද සැලකිණ.
බුදුරජාණන් වහන්සේ ධාතු පූජාව අනු දැන වදාළ බව අපදානපාලියෙන් ද අනාවරණය වේග සැරියුත් මහතෙරුන් වහන්සේගේ ආදාහනයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය දල මහා ප‍්‍රජාපතී ගෝතමී තෙරණියගේ ධාතුන් වහන්සේ සහිත පාත‍්‍රය ද ඒ අවස්ථාවන්හි දොහොතින් ගෙන ඔවුන් ගුණ වර්ණනා කළ අයුරු එහි විස්තර වේග බුදුරජාණන් වහන්සේ බුදුල පසේබුදුල මහරහත් හා සක්විති :චක්කවත්තිෆ යන සිව් මහා පුද්ගලයන්ගේ ශාරීරික ධාතු නිදන් කොට පූජෝපාහාර දැක්වීම අනුදැන වදාළ සේකග එය බොහෝ දෙනාගේ හිතසුව පිණිස වන බව දීඝ නිකායේ දැක්වේ.
ධාතු වන්දනාව ලක්දිව ජනයා අතර බුද්ධ කාලයේදීත් ප‍්‍රචලිතව පැවතිණග තපස්සු බල්ලූක වෙළඳ දෙබෑයන් කේශ ධාතු නිදන් කොට ගිරිහ`ඩු සෑය සාදවා පූජා කළහග සුමන සමන් දෙවියන්ට භාර දුන් කේශ ධාතු නිදන් කොට මහියංගණ චෛත්‍යය ගොඩනැගූ අයුරු වංශ කථාවල සඳහන් වෙයිග මෙනයින් බලන විට බුද්ධ කාලයෙහිම ධාතු වන්දනාව ලක්දිව ප‍්‍රචලිතව තිබූ බව පැහැදිළියිග අදත් ජීවමාන බුදුරජාණන් වහන්සේ හා සම කොට දළදා වහන්සේ උදෙසා පූජා සත්කාර සිදු කිරීම තහවුරුව පවතින්නේ ඒ නිසායග දළදා වහන්සේ වැඳපුදා ගැනීමට ලැබීම ස්වකීය ජීවිතයේදී ලබන මහත් භාග්‍යයක් කොට බෞද්ධයෝ සලකති.
දිනපතා තුන්වරු පූජාල සතියේ බදාදා නානුමුර මංගල්ල පූජාල පසළොස්වක පෝය දින පූජා හා වාර්ෂික සතර මංගල්ල පූජා ආදි වශයෙන් බුද්ධෝපස්ථානල බුදු පුද තේවා අදත් චිරාගත සාම්ප‍්‍රදායානුකූලව ශ්‍රී දළදා වහන්සේ විෂයෙහි ශ්‍රී දළදා මාලිගාව තුළ අඛණ්ඩව පැවැත්වේ

Friday, July 14, 2017

                       රටක පැවැත්මේ ජීවනාලිය වනුයේ  සංවර්ධනයයි

            මානවයාගේ බිහිවිමේ සිට ශිෂ්යාචාර පසු කර නුතන විශ්ව ගම්මාන සංකල්පයට ගෙන ආ මුලික සංකල්පය වුයේ සංවර්ධනයයි. පරිසර හිතකාමි ප‍්‍රාථමික මානවයා පවතින පරිසරය වෙනස් කිරිමට ගත් උත්සහයේ ප‍්‍රතිඵලයක් ලෙස  සංවර්ධන සංකල්ප නිර්මාණයව ඇත. මනා වු පැවැත්ම යහපත් පැවැත්ම සංවර්ධනය ලෙස  අර්ථවත් වේ.
වසර 2500 කට වඩා පෞඪ අතීතයකට හිමිකම් කියන ශ‍්‍රි ලාංකීය ඉතිහාසය දෙස ගවේෂණාත්මකව බැලීමේ දී පැහැදිලි වනුයේ එකල සංවර්ධිත රටක් බවට මෙරට පත්ව තිබු බවයි. එ බව ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික යන සෑම අංශයක්ම අධ්‍යයනය කිරීම තුළින් විද්‍යමාන වනු ඇත. ‘පෙරදිග ධන්‍යගාරය’ ලෙස මෙරට හැදින්වීම එයට කදිම නිදසුනක් වේ.නමුත් වර්තමාන ශ‍්‍රි ලාංකීය ආර්ථිකයට අනුව තෙවන ලෝකයේ සංවර්ධනය වන රටක් බවට මෙරට පත්ව තිබේ. මේ ස`දහා හේතු පාදක වු සාධක අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ. රටක දේශපාලනය එ රටෙහි සංවර්ධනයේ මුලික අඩිතාලමක් බවට පත් වේ.එමෙන්ම පාලනයේ ආකාර්යක්ෂමතාවයක් ඇති වු කළ එරට සංවර්ධනය බි`ද වැටේ. එම නිසා දේශපාලඥයින් ලෙස පාලන තන්ත‍්‍රයට පත්විය යුත්තේ බුද්ධිමතුන්ය. රටේ පාලනයේ  ආකල්ප වෙනස්කරමින් අධ්‍යාපනික වශයෙන් පුද්ගලයින්ගේ දැනුම ප‍්‍රවර්ධනය කළ යුතුය. මෙරට සාක්ෂරතාවය 92% ක් බවට පත්ව තිබුණත් පරිගණක සාක්ෂරතාවය ඉතා  අඩුමට්ටමක පවති. එය වර්ධනය කළ යුතුය. ලෝකයේ සංවර්ධිත රටක නියමුවකු බවට පත්වීමට නම් තාක්ෂණය තුළින් ඉදිරියට ගමන් කළ යුතුය. නව විද්‍යාත්මක සොයාගැනීම් වලට අවස්ථාව ලබා දිය යුතුය. ඔවුන්ව දිරිමත් කළ යුතුය. විශේෂයෙන්ම මෙරට බුද්ධිගලනය අඩුකළ යුතුය. එ අනුව දේශපාලන සහ ආධ්‍යාපනිකමය වශයෙන් නව අකල්පීමය දැනුම ගොඩනැ`ගිය යුතුය. එවිට සංවර්ධනයේ මංපෙත් අ`ඩක් විවරවනු ඇත.
රටක පාලන තන්ත‍්‍රය තුළින් ගනු ලබන ආර්ථිකමය තීන්දු තීරණ එරටෙහි අනාගතය තීරණය කරනු ලබන ප‍්‍රබල සාධකයකි. මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන සංදිස්ථානයක් වනුයේ කෘෂිකර්මාන්තයයි. එම නිසා දේශිය කර්මාන්තය න`ගාසිටුවිය යුතුය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සහ ආයුර්වේදය තුළින් උපරිම ප‍්‍රයෝජන ලබාගත යුතුය. සමාජීක සහ සංස්කෘතික අංශයන් තුළින් රටක සංවර්ධනය ඇති කිරීමේ දී විශේෂයෙන් මිනිසුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කළ යුතුය. ආගම ජාතිය තුළ බෙදීමක් ඇති නොකොට සෑම ආගමකම පුද්ගලයන් තුළ ලාංකීය යන ජාතිකත්ව හැ`ගීම ඇති කළ යුතුය. නීතිය සහ යුක්තිය උසස් පහත් භේදීම් වලින් තොරව සියලූ දෙනාටම පොදු විය යුතුය. එවිට සංවර්ධනයේ මංපෙත් සියල්ල විවරවනු ඇත. එමෙන්ම සංවර්ධනය යනු මිළදීගත හැකි හෝ ආනයනය කළ හැකි දෙයක් නොවේ. එය පුද්ගලයා තුළින්ම විවර කළ යුත්තක්ම වේ.
එ අනුව අතීතයේ සංවර්ධිත රටක් බවට මෙරට පත්වීමට හේතු වුයේ මෙරට තිබු සම්පත් නිසි අයුරින් භාවිතයට ගැනීමත් ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික යනාදි අංශයන් ඉතා බුද්ධිමත් ලෙස සංවර්ධනයට යොදා ගැනීමත් ය. ලෝකයේ කුමන රටක් වුව ද එහි පැවැත්මේ ජීවනාලිය වනුයේ  සංවර්ධනයයි. එම නිසා සංවර්ධනය රටකට අත්‍යවශ්‍යය  සාධකයක් බවට පත්ව තිබේ.
ෂා ගුවන් විදුලිය (90.9-91.1) තුළ ආචාර ධර්ම කඩ වු අවස්ථාවක් පිළිබ`දව කරන ලද අධ්‍යයනය

                             ‘‘මාධ්‍යම සංදේශයක් වන්නේ ය’’. එනම්, ග‍්‍රාහක ජනතාව වෙත යොමු වන සංදේශයම අද මාධ්‍යය ලෙස හ`දුන්වන බව මාර්ෂල් මැක්ලූහන්ගේ අදහස වේ. ඒ අනුව වර්තමාන ලොකයේ ජනමාධ්‍යය යන පදය භාවිත වන්නේ මිනිසුන් තම අදහස්, උදහස්, හැ`ගීම් හා සිතුවිලි ආදිය හුවමාරු කර ගැනීමට , බෙදා හදා ගැනීමට හා ප‍්‍රකාශ කිරීමට උපකරණ මාධ්‍යයක් කරගෙන සිදු කරනු ලබන ක‍්‍රියාවලියටය. මෙම ක‍්‍රියාවලිය මුද්‍රිත, විද්‍යුත් මාධ්‍යය ම`ගින් ද සාම්ප‍්‍රදායික මාධ්‍යය හා තාක්ෂණය ම`ගින් ද  කළ හැකිය. ජනසන්නිවේදන ක‍්‍රියාදාමය සදහා විධිමත් ලෙස සකස්කර ගන්නා ල`ද ජනමාධ්‍යයක් අවශ්‍ය වේ.
                             වර්තමාන ලෝකය දෙස අවධානය යොමු කිරීමේදී ජනමාධ්‍යය විශාල සංඛ්‍යාවක් තිබීම හ`දුනාගත හැකිය. මෙම සෑම ජනමාධ්‍යයක්ම  යම් කිසි ආචාර ධර්ම පද්ධතියකට යටත්ව ක‍්‍රියාත්මක වේ. ආචාර ධර්ම යනු දර්ශන විෂය තුළ සමාජ ක‍්‍රියා සමාජ අන්තර් ක‍්‍රියා සහ මානසික සාධක පදනම් කොටගෙන පෝෂණය වන ගැඹුරු විශයකි. මෙය සදාචාරය පදනම්කොට ගෙන පෝෂණය වන ගැඹුරු විශයකි. එමෙන්ම සදාචාරය පිළිබ`ද මුලධර්මය පදනම්ව තාර්කීකරණය වී තිබේ. සදාචාරය සහ සාරධර්ම යනු එකිනෙකින් ව්‍යුක්ත කළ නොහැකි සංයුක්ත වු සංකල්ප දෙකකි. ආචාර ධර්ම සහ එකී ක‍්‍රමවේද විද්‍යාත්මක ස්වරූපය සෞන්දාර්යවේදාත්මක දෘෂ්ටිය තුළ වුවද ව්‍යුහගත කළ හැකි අතර එය සාරධර්ම වේදය පිළිබ`ද දර්ශනය  ලෙෂ ද සැලකේ. මෙය කායික මානසික මෙන්ම සමාජ චර්යාත්මක කාරණාවක් බවද පැහැදිලිය. ඒ අනුව මේ තුළින් සමාජ පද්ධතිය ස්වරූපයක් මෙන්ම මුලධර්මීය ලක්ෂණ ඉස්මතුවන බව පෙනේ. මෙම සාධක අනුව මෙහි සමාජ විද්‍යාත්මක කාරණා මනෝ විද්‍යාත්මක කාරණා මෙන්ම ආගමික කාරණා බද්ධවී ඇති බව පැහැදිලිය. ආචාර ධර්ම පිළිබ`දව දාර්ශනික සමාජය මෙහෙය වීම සොක‍්‍රටීස් විසින් සිදු කරනු ලබන්නේ ද මෙම පදනමේ පිහිටවමිනි. මාධ්‍යය ආචාර ධර්ම පිළිබ`ද අවධානය යොමු කිරීමේදී බටහිර ප‍්‍රධාන මුලධර්ම හතරක් පිළිබ`ද සාකච්චාවට භාජනය කෙරේ.
1. සත්‍යවාදී බව.
2.නිදහස
3.හානිය අවම කිරීම.
4.වගකිව යුතුබව.
                    යනාදි වශයෙනි.

                                       ජනමාධ්‍යය ජනතාවගේ විශ්වාසනීය මාධ්‍යය වීම ස`දහා තොරතුරුවල නිරවද්‍යතාවය බලපාන අතර එය සමාජ කෘත්‍යාත්මක සාධකයක්ද වේ. වර්තමානයේ ජනතාව තොරතුරු ලෝකයක ජීවත්වන අතර එය නිවරදි නොවන විට ජනතාව සහ ප‍්‍රජාව අතර පවතින අනුකූලතාත්මක සබ`දතාවයද බිද වැටේ. එ අනුව ආචාර ධර්ම නිරන්තරව බද්ධ වන්නේ නිවරදි, සාධාරණ, අපක්ෂපාත,ි යුතුකම් ඉටුකරන, වගකිම් සහිත ක‍්‍රමවේද සම`ගයි. මෙය දිගුකාලීන සමාජ සම්ප‍්‍රදායක්ව පවතින ක‍්‍රියාවලියකි.
                                       ඒ අනුව මාධ්‍ය ආචාර ධර්ම සමාජ ක‍්‍රියාකාරිත්වයේ දී ප‍්‍රබල ලෙස බලපානු ලබයි. වත්මන් ශ‍්‍රි ලංකාව දෙස බැලීමේ දී අතීතයේ පැවති සාම්ප‍්‍රදායික මාධ්‍යය ක‍්‍රමය තුළින් ක‍්‍රමක් ක‍්‍රමයෙන් ඉවත් යමින් නව මාධ්‍යයන්  කරා යොමුවීම පැහැදිලි ලෙසම දැක ගත හැකිය. මෙරට ප‍්‍රධාන වශයෙන් මුද්‍රිත මාධ්‍යයන් මෙන්ම විද්‍යුත් මාධ්‍යයන්ගේ බිහිවිම දැකගත හැකිය.  මෙහිදී ප‍්‍රධාන වශයෙන් විද්‍යුත් මාධ්‍යය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී එහි ශ‍්‍රව්‍ය මාධ්‍යයක් වන ගුවන් විදුලිය සුවිශේෂි කොට දැක්විය හැකිය. ඒ මන්ද යත් ගුවන් විදුලිය තුළින් විශාල ශ‍්‍රාවක පිරිසකට විවිධ දේ සන්නිවේදනය කළ හැකි බැවිනි. ලාංකීය සමාජය තුළ වැඩි  පිරිසක් ශ‍්‍රවනය කරනුයේ ගුවන් විදුලි මාධ්‍යයයි. ඒ අනුව පැහැදිලි ලෙසම හ`දුනාගත හැකි කරුණ වනුයේ ගුග්ලියෙල්මො මාර්කෝනි විසින්  සොයාගන්නා ලද ගුවන් විදුලිය වර්තමානය වන විට ලෝකයපුරාම ශ‍්‍රව්‍ය විද්‍යුත්  මාධ්‍යයක් ලෙස ප‍්‍රචලිත වීම ය .
                                  වර්තමානය වන විට  මෙරට ගුවන් විදුලි නාලිකා 50 කට  වැඩි ප‍්‍රමාණයක් ගුවන් ගත වේ. මෙම ගුවන් විදුලි තුළ විවිධ වැඩසටහන් සිංහල, දෙමළ සහ ඉංග‍්‍රිසි යන භාෂාවන් ත‍්‍රිත්වයෙන්ම ක‍්‍රියාත්මක වේ. මේ නිසා විශාල ශ‍්‍රාවක පිරිසක් ග‍්‍රහනය කරගත හැකිය. ත්‍ඵ ෘැර්බ්ල ්‍යසරම ත්‍ඵල ඛ්නය්ා්ල ීය්් ත්‍ඵල ීසර්ි් ත්‍ඵ වැනි නාලිකාවන් බොහෝමයක් හදුනා ගත හැකිය. මෙම නාලිකාවන් අතරින් ීය්් ත්‍ඵ නාලිකාව පිළිබ`දව අවධානය යොමු කිරීමේ දී  අනෙක් නාලිකාවන්ට වඩා මෙම නාලිකාවේ සුවිශේෂිතාවයක් දැකගත හැකිය. මෙම ගුවන් විදුලියේ වැඩිම ගුවන් කාලයක් වෙන් වනුයේ ගීත සදහාය. එමෙන්ම මෙම ගුවන් විදුලියටම සුවිශේෂි වු ආචාර ධර්ම පද්ධතියක් තිබේ. නමුත් ඔවුන් එම ආචාර ධර්ම පද්ධතියට අනුකූලව කටයුතු කරනවාද යන්න ගැටලූ සහගතය.
                                ආසියානු මාධ්‍ය ජාලයේ සභාපතිවරයා වන රෙනෝල්ඞ්ද සිල්වා යටතේ ීය්් ත්‍ඵ ගුවන්ගත වේ. මීට අමතරව ්‍යසරම ත්‍ඵලඨදකා ත්‍ඵලීදදරසහ්බ ත්‍ඵල ීමබ ත්‍ඵල ්‍යසරම ඔඪ ක‍්‍රියාත්මක වේ. 1998 වසරේ දී ලියාපදිංචි කර ඇති මෙම සමාගම වර්තමානය වන විට බොහෝ ජනතා ආකර්ෂණයක් ලබා ගැනීමට සමත් වු මාධ්‍යය කණ්ඩයක් ලෙස හදුනාගත හැකිය. එමෙන්ම ගුවන් විදුලි මාධ්‍යය හරහා විශාල ජනතා ආකර්ශනයක් ලබා ගැනීමට සමත් වී තිබේ. මෙයට හේතු විය හැක්කේ මොහු වසර 19 ක කාලයක් පෞද්ගලික ගුවන් විදුලි විකාශන ක්‍ෂේත‍්‍රයේ අද්දැකීමක් ලැබු පුද්ගලයෙකු මෙන්ම ඔහු ක්‍ෂේත‍්‍රයේ වටිනා ගැඹුරු අවබෝධයක්  ලැබු පුද්ගලයකු වීම නිසා විය හැකිය.
                           
                             කෙසේ වෙතත් ගුවන් විදුලි දෙස අවධානය යොමු කිරීමේ දී මෙහි ප‍්‍රධාන විධායකවරයා ලෙස කටහුතු කරනු යේ ධම්මික තෙන්නකෝන් මහතාය. එමෙන්ම ප‍්‍රගීත් විජේසූරිය මහතා මෙහි කළමනාකරු ලෙස කටයුතු කරනු ලැබේ. ීය්් ගුවන් විදුලියේ වැඩසටහන් හි අන්තර්ගතය දෙස අවධානය යොමු කිරීමේදී  ෂා එෆ්.එම් කූල් ස්පොට්, ෂා එෆ්.එම් ගුඞ්මෝර්නිං ෂා, ෂා හැන්දෑව, නයිට් රයිඩ, අර්ලි බෝර්ඞ් ෂෝ, සින්දු එක්ස්ප‍්‍රස්, ෂා හිට් 21, සන්ඬේ මික්ස් චාර්ට්, ෆැන් ක්ලබ් වැනි වැඩ සටහන් දැක ගත හැකිය. මේ වැඩ සටහන් මාෂ,ි කෙවින,් ප‍්‍රකාශ්, පුජා, ටිනා,  අකිල්, රයන්, තිෂු, අකේෂ්, ෂෙවාන්, මිෂේල්, විලාන්, මිෂෙල්, ඩිලාන්, ඇතුලූ කණ්ඩායමක් විසින් මෙහෙය වනු ලැබේ. පැයකට වැඩිම ගීත ප‍්‍රමාණයක් ලබා දෙන එකම ගුවන් විදුලිය ෂා එෆ්.එම් ලෙස හ`දුනාගත හැකිය. මෙම වැඩ සටහන් වලට අමතරව ප‍්‍රවෘත්ති, ප‍්‍රවර්ධන, අලෙවි ආදී අංශයන් ෂා ගුවන් විදුලිය අන්තර්ගතය. මෙම ගුවන් විදුලිය තුළ වැඩිම ගුවන් කාලයක් වෙන් වනුයේ ගීත ස`දහාය. නමුත් මාධ්‍යයක වගකීම මිනිසුන්ට විනෝදාස්වාදය සැපයීම පමණක් නොවේ. මිනිසුන්ට සමාජයිය සහ මානසික වශයෙන් සාහිත්‍යම දැනුම ලබාදිම ද මාධ්‍යයක් සතු වගකීමකි.
                          ෂා ගුවන් විදුලිය මීට වසර කිහිපයකට පෙර රජය විසින් තහනමට ලක් කර තිබුණි. ඊට හේතුව වුයේ ජනමාධ්‍යය තුළ අන්තර්ගත ආචාර ධර්ම කඩවීම නිසාය. නමුත් නැවතත් ෂා අලූත් මුහුණුවරකින් ජනතාවට සමීප විමට උත්සහ ගෙන තිබේ. ෂා එසේ තහනමකට ලක් වීමට හේතුව භාෂා පරිහරණයයි.
                         එක් එක් මාධ්‍යයන්ට විශේෂ වු ආචාර ධර්ම පද්ධතියක් තිබෙන අතර ඔවුන්  ඒ ආචාර ධර්ම වලට අනුකූලව කටයුතු කෙරේ. ෂා ගුවන් විදුලියට ද ආචාර ධර්ම පද්ධතියක් තිබෙන අතර ඔවුන්  එය ප‍්‍රකාශ නොකරයි.
                        මෙහිදී ෂා ගුවන් විදුලිය තුළ අන්තර්ගත වැඩසටහන් හි භාෂා භාවිත කරන ආකාරය නිසා මාධ්‍ය ආචාර ධර්ම කඩවන අවස්ථාවන් පිළිබ`දව අධ්‍යයනය කිරීමේදී එය ජනමාධ්‍යය සහ ප‍්‍රවෘත්ති අමාත්‍යාංශය විසින් අනුමත කළ ජනමාධ්‍යය ආචාර ධර්ම සංග‍්‍රහයට අනුකූලව අධ්‍යයනය කිරීම වැදගත් වේ.
                      එ අනුව ජනමාධ්‍යය ආචාර ධර්ම සංග‍්‍රහයේ
1 යම් ප‍්‍රකාශයක,
(අ*   මහජන අපේක්‍ෂාවන් හා රටේ සදාචාරය උල්ලංඝනය වන කරුණු හෝ මහජන
රුචිය සහ සදාචාරය පහත හෙලීමට ඉවහල්වන කරුණු ඇතුළත් වේ නම්;
(ඈ*  අසභ්‍ය, අපහාසාත්මක, අසත්‍ය, අර්ධ සත්‍ය සහ එවැනි සැඟවුනු අරුත් දනවන
කරුණු සහ සිතා මතා සිදු කරන පැහැරහැරීම් අඩංගු වේ නම්;
(ඉ*   මහජනතාව නොමග යවන සුළු තොරතුරු ඇතුළත් වේ නම්;
                               එමෙන්ම ශ‍්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථා ආචාර ධර්ම පද්ධතියේහි ,
අසභ්‍ය හා අවිනීත විහිළු තහළු හෝ ගීත වගන්ති හෝ අගමික නිකායන්ට පහර දෙන ප‍්‍රකාශ හෝ කිසිවකුගේ අයිතියක් පිළිබ`ද සැක ඇති යමක්. ගුවන් විදුලිය තුළ ප‍්‍රචාරය නොකළ යුතුය. එමෙනම ගුවන් විදුලිය තුළ විකාශනය නොකිරිමට නුසුදුසු වැඩසටහන් පිළිබ`දව ද මෙම ආචාර ධර්ම ප්ධතිය තුළ ඇතුළත් වේ එහිදී  අශික්ෂිත කියුම්, අශෝභන විහිළු,කුණු හරුප, දෙපැත්ත කැපෙන වචන,බොරුව දිව්රුම් ශාප කිරීම් ද ඇතුළත් වේ.
                               යනා දී කරුණු වලට අනුකූලව ගෙන බැලීමේ දී මෙම ගුවන් විදුලියේ භාෂා පරිහරණය සබැවින්ම ආචාර ධර්ම වලට පටහැනිය.
                       
                                භාෂා භාවිතයේ පවතින ස්වරූපය හේතුකොට ගෙන එය සමාජයට විශාල බලපෑමක් ඇති කරන අතර සමාජ සදාචාරයට ද විශාල හානියක් සිදු වේ. මීට ඉහතදී ද සදහන් කළ ආකාරයට ෂා ගුවන් විදුලිය රජය විසින් තහනම් කළේද භාෂා භාවිතයේ පවතින විකෘතිතාවය නිසාය. භාෂා භාවිතය පිළිබ`දව ඔවුන්ගේ අදහස වනුයේ මිනිසුන්ට සමීප වීමට ඇති හොදම ක‍්‍රමවේදය ඔවුන්ගේ හදවතට දැනෙන්න කතා කිරීම යන්නයි. නමුත් ඔවුන්ගේ භාෂාව සිංහල සමාජයට සිංහල සංස්කෘතියට පමණක් නොවේ අනෙකුත් සංස්කෘතියන්ටද හානි කරන රස්තියාදුකාර භාෂාවකට සමානය. සිංහල සමාජය මෙතෙක් රැුකගෙන ආ සභ්‍යයක්වය මේ නිසා බිද වැටෙන අතර වත්මන් තරුණ පරපුර හැඩගැසෙනුයේ වෙනස්ම වු සමාජ පරිසරයකට ය. ළමා පරපුරට ද ආදර්ශයක් ලබා ගැනීමට නොහැකි වන අතර   ඔවුන් ද විකෘති වු සමාජ පරිසරයකට හැඩ ගැසේ. යම් කිසි මාධ්‍යයක් තුළින් සිදු කළ යුත්තේ සමාජයට ආදර්ශමත් වු යමක් ලබා දීමය . මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට නැඹුරුවීම මාධ්‍යයක් තුළින් සිදු නොකළ යුතු දෙයකි. නමුත් ෂා ගුවන් විදුලිය ඔවුන්ගේ ආචාර ධර්ම ගැන නොසලකා මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට නැඹුරු අවස්ථාවන් ද දැකගත හැකිය. මේ හේතුව නිසා රජය විසින් මෙම ගුවන් විදුලිය තහනමට ලක් කළේය. මාධ්‍යයක් වු විට විශේෂයෙන් සමාජ  සභ්‍යයක්වය රැුකෙන ලෙස කටයුතු කළ යුතුය.
                        මාධ්‍යයක් ම`ගින් මිනිසුන්ට රසවින්දනයට අමතරව සාහිත්‍යමය වශයෙන් යම් කිසි දැනුමක් ලබා දිය යුතුය. ගුවන් විදුලිය වැඩි ශ‍්‍රාවක පිරිසක් ශ‍්‍රවනය කරන බැවින්  ඔවුන්ට ආධ්‍යාත්මික වශයෙන් යම් කිසි අවබෝධයක් ලබාදිය යුතුය. වැඩසටහන් ඉදිරිපත් කිරීමේදී යොදාගන්නා ලද වාග්මාලාව උචිත කරනුයේ තරුණ පරපුරටය. තරුණ පිරිස් සෑම විටම අලූත් දෙයක් සොයා යන පිරිස්ය . එම නිසා ඔවුන්ව දැනුමෙන් පෝෂණය කළ යුතුය.
                         සමාජයෙහි කේන්ද‍්‍රීය ලක්ෂණය පුද්ගලයා වේ. පුද්ගලයාගේ ඓක්‍යයෙන් තොරව සමාජයක් නිර්මාණය නොවේ. පුද්ගලයා යනු සමාජ පද්ධතියේ ක‍්‍රියාකාරයෙකි. ඔහුගේ අවශ්‍යයතා සහ ඔහුවටා ගොඩනැගෙන සියලූ කාරණා ඔහුට බලපාන අතර එය සමාජ කාරණා බවට ද පරිවර්ථනය වේ. ඔහුව මෙහෙය වන්නේ සමාජ පද්ධතික කාරණාවන්ය. සමාජය යනු ඇති තැන නිදහස නැති බවට ඇති තර්තයකි. පුද්ගල ආත්ම ඥාන සංවර්ධනයේ දී මෙම ව්‍යුහීය කාරණා වැදගත් වේ.
මාධ්‍ය යනු පුද්ගලයාගේ ප‍්‍රධාන සන්නිවේදන උපකරණයකි. මාධ්‍යය මගින් ශ‍්‍රවනය කරන දේ පුද්ගලයා ප‍්‍රායෝගික ජීවිතයටද ඇදා ගනි. එම නිසා මාධ්‍ය තුළින් නිරන්තරයෙන් පුද්ගලයාට ආදර්ශමත් දේ ලබාදිය යුතු ය.
                       ඇරිස්ටෝටල්ට අනුව ආචාර ධර්ම යනු ආත්ම සාක්ෂාත්කරණිය ලක්ෂණයකි. අර්ථවත් වන්නේ ඒ ඒ සමාජ සන්දර්භයට අනුගතව ය. ආචාර ධර්ම වල උපයෝගීතාවය සහ එයට අනුගත වීම යනු ඒ ඒ සමාජ සන්ධර්භයට ප‍්‍රවේශවීමේ ශාක්‍යතාවය ප‍්‍රගුණ කිරීමකි. උපදින විට මිනිසා සමාජයීය මිනිසකු නොවුවත් සමාජයීය මිනිසකු වීමේ ශාක්‍යතාවය ප‍්‍රගුණ කළ හැකිය.
මාධ්‍යවේදියා යනු සමාජ පර්යේෂකයෙකි. ඔහු සතු වෘත්තිය පුහුණුව, සමාජය පිළිබද විද්‍යාත්මක දැනුම සහ ඒ පිළිබද චින්තනමය හැකියාව, ආචාර ධර්මීය පදනම, සමාජ ප‍්‍රවර්ධනය සදහා ගුණාත්මක හැසිරීම වෘත්තිය මාධ්‍යවේදියා සාමාන්‍ය මාධ්‍යවේදියාගෙන් වෙන් කරනු ලබන සුවිශේෂි ලක්ෂණ වේ. ඒ අනුව මාධ්‍යවේදියා ආචාර ධර්ම වලට අනුකුලව කටයුතු කළ යුතුය.
                          ෂා ගුවන් විදුලියේ වැඩසටහන් වලට යොදා ගෙන ඇති නම් ද ඉංග‍්‍රිසි භාෂාව සම`ග මිශ‍්‍ර වු වචනය. නිදසුන් කිහිපයක් ලෙස සින්දු එක්ස්ප‍්‍රස්, ෂා හිට් 21, සන්ඬේ මික්ස් චාර්ට්, ෆැන් ක්ලබ් සදහන් කළ හැකිය. මෙම ගුවන් විදුලිය තරුණ පරපුර වැඩිවශයෙන් ඉලක්ක කරගනු ලැබේ.මේ වැඩසටහන් වලදි ඉදිරිපත් කිරීම් වලදී යොදාගන්නා භාෂාව ද මෙලෙසමය.
                          නිවරදි බව විඥානගත වු කල්හි එය නිරායාසයෙන්ම ක‍්‍රියාවට නැගෙන බව ග‍්‍රීක දාර්ශනික සොක‍්‍රටීස්ගේ ද මතයයි. මෙහි ප‍්‍රතිවිරුද්ධ සාධකය ද මෙම තර්කය තුළම සාධාරණිය කළ හැකිය.  එම නිසා භාෂාව නිවරදිව පරිහරණය කළ යුතුය.   ෂා ගුවන් විදුලියේ  භාෂාව පරිහරණය කරන ආකාරය තුළින් සමාජයේ පවතින සාරධර්මද පිරිහීමට ලක්වේ. එම නිසා සමාජය බටහිරකරනයට ලක් නොකර භාවිතා කරන භාෂාව වෙනස් කළ යුතුය. එවිට සමාජය යහපත් ආකාරයෙන් ගොඩනැගේ.
                             එ අනුව අවසාන වශයෙන් නිගමනය කළ හැකි වනුයේ ෂා ගුවන් විදුලිය ආචාර ධර්ම වලට පටහැනිව කටයුතු කරන බවයි.

Wednesday, July 12, 2017

aduru sewanali

-අ`දුරු සෙවණැලි-
යුද්ධයේ නටඔුන් අභියස
සාමයේ ස`ද
ආකාශයෙන් මැකී යද්දි
කෙතරම් තරුකැට පෑයුවත්
අ`දුරුයි මුළු ලොවම
මා පියන්ට දරුවන්ද
දරුවන්ට මාපියන්ද
 අහිමි වී
මැවෙන සුසුම් හ`ඩ
පැතිරෙම් ලහඹර පුරා
දෙසවන් අගුලූලනා
මුසල වෙඩි හ`ඩට
අහිංසක සා පැටවුන් වැනි                                                   
කිරි සප්පයන්ගේ හ`දවතට
කුමන සතුටක්ද කුරිරු යුද්ධයෙන්
මල් සමනලූන් සරසන
ළමා ලොව
වෙඩි උණ්ඩ වරුසා වලින්
තෙමී යන්නේ
උන්ගේම ආවාසනාවටදැයි නොදනිමි
එහෙත්....
දනිමි එක් දෙයක්
නැත ජයගත් කිසිවෙකු යුද්ධයෙන්
සාමයෙන්ම මිස
අද එක්වී වපුරමු අපි
සාමයේ මුල් බීජ
හෙට දිනේ
සාමයේ ඵල නෙලන්නට....



Tuesday, July 11, 2017

politics


       දේශපාලනය
සැමට පෙනෙන්නට දහවලේ
ඇනකොටා ගෙන එකිනෙකා
    සැමට රහසින් රාත්‍රියේ
මත් වී මධුවිත තොලගාන
    අපුරු ර`ගමඩලකි
      දේශපාලනය.

වටාපතට මුවා වී වැදිබණ කියන
    තුවක්කු අතදරා
      මෙත් වඩන
 අපුරු දෙව්රම් වෙහෙරකි
     දේශපාලනය.

description

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ  බුදුන් දහම්  සග  තෙරුවණ    (විරිදු) ගීතය පිළිබ`ද විචාරය    
            
                             කලාවට නොලැදි සිත් කැළැ වදිනු ඇත. කලාවට  ලැදි සිත් මනුෂිය ගුණයන්ගෙන් පිරුණු සිත් වන්නේ ය.   කලාව පුද්ගලයාගේ නිර්මාණශිලී ප්‍රවේශයක් ලෙස හ`දුනාගත හැකිය. එමෙන්ම මිනිසා බිහිවීමට මොහොතකට පෙර කලාව බිහි වු බැව් ප්‍රකට මතයයි. කවි, ගීත, චිත්‍ර ආදිය මෙම කලාව තුළ අන්තර්ගත වේ. මේ අතරින් ගීතය යනු  බහුතර ජනයාගේ රසවින්දනයට තුඩුදෙන මාධ්‍යයකි. සමාජයේ වයස් බේදයකින් තොරව ජාති ආගම් බේදයකින් තොරව ගීතය ප්‍රචලිත වේ. මෙම ගීත තුළ සමාජයේ පවතින මෙන්ම අතීතයේ දී තිබුණ විරෝධතාවයන්, ආකල්ප, ප්‍රශ්න, ගැටලූ ආදිය පිළිබ`දව ආවර්ජනය කිරීම් ද සිදු වේ. මේ තුළින් විරෝධාකල්ප ගීත සාහිත්‍ය දෙස ඉතා විචක්ෂණශීලීව බැලිමේ දී එහි ආරම්භය සාහිත්‍යයේ ආරම්භයේ පටන්ම විවිධ අයුරින් නිර්මාණය වීම දක්නට ලැබේ. ලාංකීය සාහිත්‍යයේ පමණක් නොව පෙරදිග සාහිත්‍යයේ මෙන්ම අපරදිග සාහිත්‍යයේ ද විවිධ වකවානු වල ඇති වු සමාජ වාතාවරණයන්  හේතුවෙන් සමාජය තුළින්ම විරෝධාකල්ප බිහිවි තිබීම දක්නට ලැබේ. දේශපාලන වශයෙන් ආර්ථීක වශයෙන් යුද්ධය, වර්ගවාදය, ප්‍රේමයට සිදු වන අසාධාරණය, සමාජ තත්වය ආදී විවිධ පැතිකඩ ඔස්සේ  විරෝධාකල්ප සාහිත්‍යයට ගද්‍ය පද්‍ය යන අංශ ද්විත්වය ඔස්සේම පදනම වැටුණි.
                                                   සිංහල සාහිත්‍යයේ නොමැකෙන විරෝධාකල්ප ගීත කලාවකට අඩිතාලම  සකස් කරනුයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ය. පවන ගී එකතුව තුළ ඔහුගේ එම ගීත නිර්මාණ කෞශල්‍ය දැකගත හැකිය. ඒ අනුව මෙහි ඇතුළත් වන විරි`දු ගායන ශෛල්‍ය යොදා ගනිමින් නන්දා මාලනි ගායිකාව විසින් ගායනා කරන ලද පහත  ස`දහන් ගීතය තුළ සමාජ විරෝධාකල්පය මනාව පිළිහිඹු වේ.

බුදුන් දහම් සඝ තෙරුවණ වැද අවසර රැගෙන සියල්
අසන් මහතුනේ අනාත රටක කියන විරි`දු සුරල්
(කේන්තියට කියන විරි`දු)

ඒ අනාථ රට ඉස්සර සකල සිරින් පිරිණු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
(බුදුන් උන්නේ එහා රටේ)

රට රට වල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ රට කල කොඩිවින කපන්ට බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමු වුණු රට)

ගෙරි හංකඩ එලා ගන්න කොළඹට ආ පරංගියා
අපේ රටම හුරාගෙන උගේ රටට අරං ගියා
(කොයි පරයත් එහෙම තමයි)   

ඉගුරු දීල මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
ලංදේසීන් ඉංග්‍රිසින් කැන්දාගෙන වින කෙටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)

බේර ගන්න පුලූවන්නම් රජ දරුවන් හට ඔටුන්න
සුදානම් මහතුනි උන් පරයි එක්ක නිදී වදින්න
(රජ පුටුවේ මලත් සැපයි)

එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනවා
දළ`දා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනවා 
(හෙටත් වෙන්න ඉඩ තියනවා)

කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හළනවා තළු මරනවා අල්ලපු රට වල හොටබරි
(උකස් කරන රන් දුපත)

පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුනගන්ට
තමුන්ගේ වාසියට මිසක් උන් එවිද පිහිට වෙන්න
(පෙරුම් පුරන බෝසත්වරු)

පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසි කාලේ වගේ
කල දවසක් ආයේ එතොත් මෙකටද ලක් මෑණි මගේ
(ඒ පව අප පිට  වැටේවි)


රට වටකර වැට බ`දින්න කැති මන්නා ගන්ට වෙනවා
වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා
(සාධාරණ පහර දීම)

සිහළු අපේ දෙමළු අපේ මුස්ලීම් මිනිසුනුත් අපේ
උන් ක`දවුරු බ`දින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාත රට සනාත වෙයි)                
                                                     පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
                                                             සංගීතය - සරත් දසනායක
                                                             ගායනය - නන්දා මාලනි


                                          ප්‍රචණ්ඩකාරී භාෂාවක්  යොදා ගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අප රට තුළ තිබුණු  විරෝධාකල්පයක් ගෙන එය නිර්මාණශීලීව සමාජයට නැවත වරක් ආවර්ජනය කිරීමට උත්සහ ගත් සාර්ථක ප්‍රයත්නයක් ලෙස මෙම විරි`දු ගීතය හ`දුනාගත හැකිය. බ`දුනක් ජලයෙන් පුරවා රත්කරනවිට එය එක් අවස්ථාවක දී උතුරා යයි. එලෙස ජලය ඉතිරියන්නා සේ පිටරැටියන් පිළිබ`දව මොහුගේ හදවත තුළ තිබුණ ආවේගශීලි හැ`ගිම වචන බවට පරිවර්තනය කරමින්  මෙය නිර්මාණය කර තිබීම දැක ගත හැකි වේ. පහත ස`දහන් පද පේළිය එයට කදිම නිදසුනකි.
ගෙරි හංකඩ එලා ගන්න කොළඹට ආ පරංගියා
අපේ රටම හුරාගෙන උගේ රටට අරංගියා
(කොයි පරයත් එහෙම තමයි)   

                                      ආවේගශීලි ප්‍රචණ්ඩකාරි භාෂා ශෙල්‍යයක් විශේෂයෙන්ම හොටබරි, උන් ,පරයන්, බොටුව , උගෙ යනාදී වචන භාවිතය  නිසාම මෙම ගීතය වාරණයට ද ලක් වේ. එමෙන්ම අතීතයේදී ගැමි මිනිසුන් භාවිතා කළ වචන ඒ ආකාරයෙන්ම මේ ගීතයේ ද අන්තර්ගත වේ. මන්න පාර, තළු මරනවා, කොඩිවින, යනාදිය ඊට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.                                                                            
                                    බුදුන් දහම් සඝ තෙරුවන වැද අවසර රැගෙන සියල් යනුවෙන් පද්‍ය පන්තිය ආරම්භයේදීම පද රචකයා බුදු දහම තේමා කරගනිමින් අතීත සිංහලයින් බුදු දහම කෙරෙහි දැක් වු ගෞරවය පිළිබ`දව ආවර්ජනය කර තිබීම පද පෙළෙහි සුවිශේෂි අවස්තාවක් ලෙස හ`දුනාගත  හැකිය. අතීත මුතුන් මිත්තන්  අක්කර දහස් ගණනින් ලක්ෂ ගණනින් කෙත්වතු සරුසාර කළහ. අහසින් වැටෙන එක දිය බි`දුවක්වත් මුහුදට නොයා දී කෙත්වතු සරුසාර කරන්නට යොදාගත්හ. සහලින් ස්ව්‍යංපෝෂිත වු අප රට හ`දුන්වනු ලැබුවේ පෙරදිග ධාන්‍යගාරය ලෙස ය. මෙරට අර්ථීකයේ විශාල වර්ධනයක් ඇති විය. එමෙන්ම මෙරට භූගෝලීය පිහිටීම ද ඉතාම සුවිශේෂි විය. එය ආර්ථීකයේ වර්ධනයට ද පහසුවක් විය.
ආර්ථීකය, සංස්කෘතිය, සමාජය ආදි සෑම අංශයකින්ම පරිපුර්ණ වු  රටක් විය. එපමණක් නොව අප ගෞතම බුදු රජාණන් වහන්සේ ද තුන්වතාවක් මෙරටට වැඩම කොට තිබේ. එවන් වු උතුම් රටෙහි පිටරැටියන් කළ විනාශය වර්තමානයේ ද තවම තිඛෙන බව රචකයා පෙන්වා දෙන්නේ  මෙසේ ය.
               රට රට වල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ රට කල කොඩිවින කපන්ට බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමු වුණු රට)

                               පෘතුගීසීන් 1505 දී මෙරටට පැමිණිමත් සම`ගම බටහිර ජාතීන්ගේ ආක්‍රමණයට මෙරට ක්‍රමක් ක්‍රමයෙන් නතුවන්නට පටන් ගැණිනි. පසුව 1658 දී පෘතුගීසීන්ගේ බලකොටු ලන්දෙසීන්ට  අත්පත් වීමත් සම`ග පෘතුගීසින්ගේ  ආධිපත්‍යය නිමා විය. පසුව ලන්දේසින්ගේ ආධිපත්‍යයෙන් බි්‍රතාන්‍යයන් මෙරට ඔවුන් සතු කර ගත්හ. මෙම කාල පරාසය එනම් පෘතුගීසීන්ගේ සිට බි්‍රතාන්‍යයන්ගේ පාලන කාල සීමාව පිළිබ`දව  සමාජය තුළ තිබුණ  විරෝධාකල්පය මේ තුළ ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරයි.                     
                            දහසය වන සියවසේ අගභාගයේ පටන්ම මෙම පෘතුගීසීන්ගේ හා ලන්දේසීන්ගෙන් එල්ල වු ආක්‍රමණ සහ උපක්‍රම වලට සාර්ථක ලෙස මුහුණ දෙමින් සිය ස්වාධීනත්වය ආරක්ෂා කොටගත්  උඩරට රාජ්‍යය ද 1815 දී බි්‍රතාන්‍යයන්ට නතු විය. ඒ බි්‍රතාන්‍ය අධිරාජ්‍යය  වෙනුවෙන් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සහ උඩරට වෙනුවෙන් රදළ ප්‍රධානීහු ද 1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සම`ගය. මේ සම`ගම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට අප රට යටත් විය. උඩරට ගිවිසුම තුළින් බි්‍රතාන්‍ය පාලකයින් පොරොන්දු වු දේවල් එලෙසම ලබා දෙනු ඇතැයි උඩරට නායකයින්ගේ අපේක්ෂාව වී තිබුණත් තත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. මෙම සිදුවීම මෙම ගීතය තුළ අපුර්ව ආකාරයකින් පෙන්වා දෙනුයේ මෙසේ ය.
 ඉගුරු දීල මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
ලංදේසීන් ඉංග්‍රිසින් කැන්දාගෙන වින කෙටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)

                                        මේ සිදුවීමත් සම`ග 1818 දී එනම් උඩරට ගිවිසුම අත්සන් කර වසර තුනක් යාමටත් පෙර ඉංග්‍රිසීන්ට එරෙහිව වෙල්ලස්ස කැරැල්ල ඇරඹුණි. මෙම කැරැල්ල තුළින් අරගලයක් ආරම්භ වුවත් එකල ලංකාවේ සිටි ඇතැම් පිිිිිරිස් නිසා එය සාර්ථක නොවීය. මොවුන්ව හැදින්වුයේ කලූ හම පොරවාගත් සුද්දන් ලෙසින්ය. මොවුන් තමන්ගේ වාසියට පිටරැටියන් වෙනුවෙන් තමන්ගේම ජාතියත් සම`ග සටන් කලහ. රට ජාතිය පිළිබ`ද හැ`ගීමක් නැති කුහක මිනිසුන් අතර රට ජාතිය වෙනුවෙන් ජීවිතය වුවත් පුජා කළහැකි  අභීත පිරිසක් සිටින බව ගෞරවාන්විතව අවධාරණය කරනුයේ මෙසේය.
බේර ගන්න පුලූවන්නම් රජ දරුවන් හට ඔටුන්න
සුදානම් මහතුනි උන් පරයි එක්ක නිදිවදින්න
(රජ පුටුවේ මලත් සැපයි)
                                       
   

                                 ඉංග්‍රිසී ජාතීහු ඉතා සුක්ෂම අයුරින් මෙරට පරිපාලනය ඔවුනට අවශ්‍ය අයුරින් සකස්කරගත් නිසා   නුගත් අනුවන නුසුදුස්සා තමාට අවශ්‍ය පරිදි නැටවිය හැකි බැවින් සුදුස්සාට නොව නුසුදුස්සාට සුදුසු තැන දීමට ඔවුහු කටයුතු කළහ.  මෙලෙස මිතුරු වෙස් මවාගනිමින් මෙරටට එන පිටරැටියන් කෙදිනක හෝ තමන් සතු වටිනාම වස්තුව තමන්ට නොදැනීම අරගන යන බව පෙන්වා දෙන්නේ සිංහල ජාතිය තවතවත් පිරිහීමට පත්විය හැකි බව අගවමිනි. ඒ සර්වකාලීන ප්‍රතිවිපාකය උපහාසයෙන් යුතුව ගම්‍ය කරවන්නේ තවත් මෙවැනි දේ සිදු වීමට ඉඩ තිබේ යැයි උපකල්පනය කරමිනි.
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනවා
දළ`දා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනවා 
(හෙටත් වෙන්න ඉඩ තියනවා 
                  
                                      පද රචකයා ජාතියක් ලෙස සිංහල ජාතියේ පිරිහීමත්, පරගැති භාවයට පත්වීමත්  උපහාසයෙන් යුතුව අවධාරණය කරයි.
පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුනගන්ට
තමුන්ගේ වාසියට මිසක් උන් එවිද පිහිට වෙන්න
(පෙරුම් පුරන බෝසත්වරු)

                                        සිංහල දෙමාපියන්ට දාව උපත ලද සිංහල බස තෙපලූ ඇතමෙක් ඉංග්‍රිසීන්ටම මුව සකස් කර ගත්හ. දෙස බස රැස ඔවුනට අමතක වී ඇත. ඔවුන් ආදරයෙන්  වැල`දගෙන සිටින්නේ පරගැති භාෂාවයි, සංස්කෘතිය යි. ආගමය, සංස්කෘතිය, ඔවුන්ගෙන් ලැඛෙන වරප්‍රසාද හමුවේ මෙම කළු සුද්දෝ අනුභව කළ දේ වමාරන්නට වුවත් සුදානමින් සිටියෝය. ඒ තරමටම ඔවුන් දීන ජාතියක් බවට පත්ව ඇතිබව රචකයා අවධාරණය කරන්නේ උපහාස රසය ඉස්මතු කෙරෙන අයුරින් මෙන් ම හ`ද තුළ ස`ගවාගත් සෝක`දුලක් ද හෙළමිනි. පෙරුම්පුරන බෝසත්වරු යන්න යොදාගෙන තිබීම මේ තුළ උපහාස රසය මනාව ඉස්මතු කර පෙන්වු අවස්තාවක් ලෙස පෙන්වා දිය හැකිය.
                                         පෘතුගීසීන්, ලන්දෙසීන් ,ඉංග්‍රිසීන් මෙරට පාලනය කළ සමය නැවතවරක්්් සිදුවීමට ඉඩ සළසා දුනහොත් එම පාපකර්මයෙන් මිදෙන්නට කිසිවෙකුටත් නොහැකි බව පද රචකයා අවධාරනය කර දෙන්නේ නැවත එවැනි දෙයක් සිදු වීමට ඉඩ නොදී වගබලා ගත යුතුය යන පණිවිඩය ද ලබා දෙමිනි. එම නිසා රටේ සිටින සියලූ දෙනාගේම එකමුතුවෙන් රට ජාතිය බේරාගත හැකිය යන පණිවිඩය ද රචකයා මේ තුළ පෙන්වා දෙන්නේ වර්තමානයට ද ආදර්ශයක් ලබා දෙමිනි. සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ  යන පද්‍ය කණ්ඩයෙහි අපේ යන ගෞරවය ලබා දෙන්නේ  සිංහල, දෙමළ මුස්ලීම් යනු භාෂා ත්‍රිත්වයක් වුවත් මොවුන් සියලූ දෙනාම මනුෂයින් ලෙස එකම ජාතියක් යන බව අගවමිනි. මොවුන් එක්වූ දිනයේ දී මේ සියල්ලම පරාජය වන බව සුනිල් ආරියරත්නයන් ඉතා අවධාරණයෙන් යුතුව කියයි.
සිහළු අපේ දෙමළු අපේ මුස්ලීම් මිනිසුනුත් අපේ
උන් ක`දවුරු බ`දින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාත රට සනාත වෙයි)                                                                  
                               

                                           බටහිර ආධිපත්‍යය තුළ එකී සිරිතට විරිතට හරසර දැක් වු ලාංකික ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ පරගැති බව හා ව්‍යාජ දිවි පැවතුම් උපහාසයෙන් යුතුව විවේචනය කරන අතර පද රචකයා ඉතා නිර්මාණශීලීව අපුර්වාකාරයෙන්   විරෝධය නම් පොදු මානව සංකල්පය ප්‍රකට කරන්නට ප්‍රබල චාතුර්යයක් දක්වයි. එමෙන්ම වර්තමාන සමාජයට ද අපුර්ව වු පණිවිඩයක්  ලබා දේ. මොහු යොදාගත් පද්‍ය නිර්මාණ ශෛල්‍යද ඉතා සාර්ථක යැයි හ`දුනාගත හැකිය. එනම් තමා සමාජගත කිරීමට අපේක්ෂා කරන ප්‍රබල සමාජ යථාර්තය විධානාත්මක ස්වරූපයකින් ඉදිරිපත් කිරීමයි.  මෙවැනි පණිවිඩ සමාජගත කරීමට ඇති උචිතම ස්වරූපය කුමක් ද ය්න පිළිබ`දව ඔහු හදුනාගෙන ඇති බව මෙහිදී පැහැදිලි වේ. එහෙත් මෙය සාර්ථක ලෙස සමාජගත කරලීමේදි එය  වළකාලීමට හේතු වුයේ ද භාෂාවේ තිඛෙන ප්‍රචණ්ඩකාරී ස්වරූපය දැයි  යන ගැටළුව මතුවේ.