Followers

Friday, July 14, 2017

                       රටක පැවැත්මේ ජීවනාලිය වනුයේ  සංවර්ධනයයි

            මානවයාගේ බිහිවිමේ සිට ශිෂ්යාචාර පසු කර නුතන විශ්ව ගම්මාන සංකල්පයට ගෙන ආ මුලික සංකල්පය වුයේ සංවර්ධනයයි. පරිසර හිතකාමි ප‍්‍රාථමික මානවයා පවතින පරිසරය වෙනස් කිරිමට ගත් උත්සහයේ ප‍්‍රතිඵලයක් ලෙස  සංවර්ධන සංකල්ප නිර්මාණයව ඇත. මනා වු පැවැත්ම යහපත් පැවැත්ම සංවර්ධනය ලෙස  අර්ථවත් වේ.
වසර 2500 කට වඩා පෞඪ අතීතයකට හිමිකම් කියන ශ‍්‍රි ලාංකීය ඉතිහාසය දෙස ගවේෂණාත්මකව බැලීමේ දී පැහැදිලි වනුයේ එකල සංවර්ධිත රටක් බවට මෙරට පත්ව තිබු බවයි. එ බව ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික යන සෑම අංශයක්ම අධ්‍යයනය කිරීම තුළින් විද්‍යමාන වනු ඇත. ‘පෙරදිග ධන්‍යගාරය’ ලෙස මෙරට හැදින්වීම එයට කදිම නිදසුනක් වේ.නමුත් වර්තමාන ශ‍්‍රි ලාංකීය ආර්ථිකයට අනුව තෙවන ලෝකයේ සංවර්ධනය වන රටක් බවට මෙරට පත්ව තිබේ. මේ ස`දහා හේතු පාදක වු සාධක අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් වේ. රටක දේශපාලනය එ රටෙහි සංවර්ධනයේ මුලික අඩිතාලමක් බවට පත් වේ.එමෙන්ම පාලනයේ ආකාර්යක්ෂමතාවයක් ඇති වු කළ එරට සංවර්ධනය බි`ද වැටේ. එම නිසා දේශපාලඥයින් ලෙස පාලන තන්ත‍්‍රයට පත්විය යුත්තේ බුද්ධිමතුන්ය. රටේ පාලනයේ  ආකල්ප වෙනස්කරමින් අධ්‍යාපනික වශයෙන් පුද්ගලයින්ගේ දැනුම ප‍්‍රවර්ධනය කළ යුතුය. මෙරට සාක්ෂරතාවය 92% ක් බවට පත්ව තිබුණත් පරිගණක සාක්ෂරතාවය ඉතා  අඩුමට්ටමක පවති. එය වර්ධනය කළ යුතුය. ලෝකයේ සංවර්ධිත රටක නියමුවකු බවට පත්වීමට නම් තාක්ෂණය තුළින් ඉදිරියට ගමන් කළ යුතුය. නව විද්‍යාත්මක සොයාගැනීම් වලට අවස්ථාව ලබා දිය යුතුය. ඔවුන්ව දිරිමත් කළ යුතුය. විශේෂයෙන්ම මෙරට බුද්ධිගලනය අඩුකළ යුතුය. එ අනුව දේශපාලන සහ ආධ්‍යාපනිකමය වශයෙන් නව අකල්පීමය දැනුම ගොඩනැ`ගිය යුතුය. එවිට සංවර්ධනයේ මංපෙත් අ`ඩක් විවරවනු ඇත.
රටක පාලන තන්ත‍්‍රය තුළින් ගනු ලබන ආර්ථිකමය තීන්දු තීරණ එරටෙහි අනාගතය තීරණය කරනු ලබන ප‍්‍රබල සාධකයකි. මෙරට ආර්ථිකයේ ප‍්‍රධාන සංදිස්ථානයක් වනුයේ කෘෂිකර්මාන්තයයි. එම නිසා දේශිය කර්මාන්තය න`ගාසිටුවිය යුතුය. විශේෂයෙන්ම කෘෂිකර්මාන්තය සහ ආයුර්වේදය තුළින් උපරිම ප‍්‍රයෝජන ලබාගත යුතුය. සමාජීක සහ සංස්කෘතික අංශයන් තුළින් රටක සංවර්ධනය ඇති කිරීමේ දී විශේෂයෙන් මිනිසුන්ගේ ආධ්‍යාත්මය සංවර්ධනය කළ යුතුය. ආගම ජාතිය තුළ බෙදීමක් ඇති නොකොට සෑම ආගමකම පුද්ගලයන් තුළ ලාංකීය යන ජාතිකත්ව හැ`ගීම ඇති කළ යුතුය. නීතිය සහ යුක්තිය උසස් පහත් භේදීම් වලින් තොරව සියලූ දෙනාටම පොදු විය යුතුය. එවිට සංවර්ධනයේ මංපෙත් සියල්ල විවරවනු ඇත. එමෙන්ම සංවර්ධනය යනු මිළදීගත හැකි හෝ ආනයනය කළ හැකි දෙයක් නොවේ. එය පුද්ගලයා තුළින්ම විවර කළ යුත්තක්ම වේ.
එ අනුව අතීතයේ සංවර්ධිත රටක් බවට මෙරට පත්වීමට හේතු වුයේ මෙරට තිබු සම්පත් නිසි අයුරින් භාවිතයට ගැනීමත් ආර්ථික, දේශපාලනික, සමාජීය, සංස්කෘතික යනාදි අංශයන් ඉතා බුද්ධිමත් ලෙස සංවර්ධනයට යොදා ගැනීමත් ය. ලෝකයේ කුමන රටක් වුව ද එහි පැවැත්මේ ජීවනාලිය වනුයේ  සංවර්ධනයයි. එම නිසා සංවර්ධනය රටකට අත්‍යවශ්‍යය  සාධකයක් බවට පත්ව තිබේ.

No comments:

Post a Comment