මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ බුදුන් දහම් සග තෙරුවණ (විරිදු) ගීතය පිළිබ`ද විචාරය
කලාවට නොලැදි සිත් කැළැ වදිනු ඇත. කලාවට ලැදි සිත් මනුෂිය ගුණයන්ගෙන් පිරුණු සිත් වන්නේ ය. කලාව පුද්ගලයාගේ නිර්මාණශිලී ප්‍රවේශයක් ලෙස හ`දුනාගත හැකිය. එමෙන්ම මිනිසා බිහිවීමට මොහොතකට පෙර කලාව බිහි වු බැව් ප්‍රකට මතයයි. කවි, ගීත, චිත්‍ර ආදිය මෙම කලාව තුළ අන්තර්ගත වේ. මේ අතරින් ගීතය යනු බහුතර ජනයාගේ රසවින්දනයට තුඩුදෙන මාධ්‍යයකි. සමාජයේ වයස් බේදයකින් තොරව ජාති ආගම් බේදයකින් තොරව ගීතය ප්‍රචලිත වේ. මෙම ගීත තුළ සමාජයේ පවතින මෙන්ම අතීතයේ දී තිබුණ විරෝධතාවයන්, ආකල්ප, ප්‍රශ්න, ගැටලූ ආදිය පිළිබ`දව ආවර්ජනය කිරීම් ද සිදු වේ. මේ තුළින් විරෝධාකල්ප ගීත සාහිත්‍ය දෙස ඉතා විචක්ෂණශීලීව බැලිමේ දී එහි ආරම්භය සාහිත්‍යයේ ආරම්භයේ පටන්ම විවිධ අයුරින් නිර්මාණය වීම දක්නට ලැබේ. ලාංකීය සාහිත්‍යයේ පමණක් නොව පෙරදිග සාහිත්‍යයේ මෙන්ම අපරදිග සාහිත්‍යයේ ද විවිධ වකවානු වල ඇති වු සමාජ වාතාවරණයන් හේතුවෙන් සමාජය තුළින්ම විරෝධාකල්ප බිහිවි තිබීම දක්නට ලැබේ. දේශපාලන වශයෙන් ආර්ථීක වශයෙන් යුද්ධය, වර්ගවාදය, ප්‍රේමයට සිදු වන අසාධාරණය, සමාජ තත්වය ආදී විවිධ පැතිකඩ ඔස්සේ විරෝධාකල්ප සාහිත්‍යයට ගද්‍ය පද්‍ය යන අංශ ද්විත්වය ඔස්සේම පදනම වැටුණි.
සිංහල සාහිත්‍යයේ නොමැකෙන විරෝධාකල්ප ගීත කලාවකට අඩිතාලම සකස් කරනුයේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ය. පවන ගී එකතුව තුළ ඔහුගේ එම ගීත නිර්මාණ කෞශල්‍ය දැකගත හැකිය. ඒ අනුව මෙහි ඇතුළත් වන විරි`දු ගායන ශෛල්‍ය යොදා ගනිමින් නන්දා මාලනි ගායිකාව විසින් ගායනා කරන ලද පහත ස`දහන් ගීතය තුළ සමාජ විරෝධාකල්පය මනාව පිළිහිඹු වේ.
බුදුන් දහම් සඝ තෙරුවණ වැද අවසර රැගෙන සියල්
අසන් මහතුනේ අනාත රටක කියන විරි`දු සුරල්
(කේන්තියට කියන විරි`දු)
ඒ අනාථ රට ඉස්සර සකල සිරින් පිරිණු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
(බුදුන් උන්නේ එහා රටේ)
රට රට වල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ රට කල කොඩිවින කපන්ට බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමු වුණු රට)
ගෙරි හංකඩ එලා ගන්න කොළඹට ආ පරංගියා
අපේ රටම හුරාගෙන උගේ රටට අරං ගියා
(කොයි පරයත් එහෙම තමයි)
ඉගුරු දීල මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
ලංදේසීන් ඉංග්‍රිසින් කැන්දාගෙන වින කෙටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)
බේර ගන්න පුලූවන්නම් රජ දරුවන් හට ඔටුන්න
සුදානම් මහතුනි උන් පරයි එක්ක නිදී වදින්න
(රජ පුටුවේ මලත් සැපයි)
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනවා
දළ`දා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනවා
(හෙටත් වෙන්න ඉඩ තියනවා)
කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හළනවා තළු මරනවා අල්ලපු රට වල හොටබරි
(උකස් කරන රන් දුපත)
පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුනගන්ට
තමුන්ගේ වාසියට මිසක් උන් එවිද පිහිට වෙන්න
(පෙරුම් පුරන බෝසත්වරු)
පෘතුගීසි ලන්දේසි ඉංග්‍රිසි කාලේ වගේ
කල දවසක් ආයේ එතොත් මෙකටද ලක් මෑණි මගේ
(ඒ පව අප පිට වැටේවි)
රට වටකර වැට බ`දින්න කැති මන්නා ගන්ට වෙනවා
වැටට උඩින් පනින උන්ට මන්න පාර දෙන්න වෙනවා
(සාධාරණ පහර දීම)
සිහළු අපේ දෙමළු අපේ මුස්ලීම් මිනිසුනුත් අපේ
උන් ක`දවුරු බ`දින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාත රට සනාත වෙයි)
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
සංගීතය - සරත් දසනායක
ගායනය - නන්දා මාලනි
ප්‍රචණ්ඩකාරී භාෂාවක් යොදා ගනිමින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අප රට තුළ තිබුණු විරෝධාකල්පයක් ගෙන එය නිර්මාණශීලීව සමාජයට නැවත වරක් ආවර්ජනය කිරීමට උත්සහ ගත් සාර්ථක ප්‍රයත්නයක් ලෙස මෙම විරි`දු ගීතය හ`දුනාගත හැකිය. බ`දුනක් ජලයෙන් පුරවා රත්කරනවිට එය එක් අවස්ථාවක දී උතුරා යයි. එලෙස ජලය ඉතිරියන්නා සේ පිටරැටියන් පිළිබ`දව මොහුගේ හදවත තුළ තිබුණ ආවේගශීලි හැ`ගිම වචන බවට පරිවර්තනය කරමින් මෙය නිර්මාණය කර තිබීම දැක ගත හැකි වේ. පහත ස`දහන් පද පේළිය එයට කදිම නිදසුනකි.
ගෙරි හංකඩ එලා ගන්න කොළඹට ආ පරංගියා
අපේ රටම හුරාගෙන උගේ රටට අරංගියා
(කොයි පරයත් එහෙම තමයි)
ආවේගශීලි ප්‍රචණ්ඩකාරි භාෂා ශෙල්‍යයක් විශේෂයෙන්ම හොටබරි, උන් ,පරයන්, බොටුව , උගෙ යනාදී වචන භාවිතය නිසාම මෙම ගීතය වාරණයට ද ලක් වේ. එමෙන්ම අතීතයේදී ගැමි මිනිසුන් භාවිතා කළ වචන ඒ ආකාරයෙන්ම මේ ගීතයේ ද අන්තර්ගත වේ. මන්න පාර, තළු මරනවා, කොඩිවින, යනාදිය ඊට නිදසුන් ලෙස පෙන්වා දිය හැකිය.
බුදුන් දහම් සඝ තෙරුවන වැද අවසර රැගෙන සියල් යනුවෙන් පද්‍ය පන්තිය ආරම්භයේදීම පද රචකයා බුදු දහම තේමා කරගනිමින් අතීත සිංහලයින් බුදු දහම කෙරෙහි දැක් වු ගෞරවය පිළිබ`දව ආවර්ජනය කර තිබීම පද පෙළෙහි සුවිශේෂි අවස්තාවක් ලෙස හ`දුනාගත හැකිය. අතීත මුතුන් මිත්තන් අක්කර දහස් ගණනින් ලක්ෂ ගණනින් කෙත්වතු සරුසාර කළහ. අහසින් වැටෙන එක දිය බි`දුවක්වත් මුහුදට නොයා දී කෙත්වතු සරුසාර කරන්නට යොදාගත්හ. සහලින් ස්ව්‍යංපෝෂිත වු අප රට හ`දුන්වනු ලැබුවේ පෙරදිග ධාන්‍යගාරය ලෙස ය. මෙරට අර්ථීකයේ විශාල වර්ධනයක් ඇති විය. එමෙන්ම මෙරට භූගෝලීය පිහිටීම ද ඉතාම සුවිශේෂි විය. එය ආර්ථීකයේ වර්ධනයට ද පහසුවක් විය.
ආර්ථීකය, සංස්කෘතිය, සමාජය ආදි සෑම අංශයකින්ම පරිපුර්ණ වු රටක් විය. එපමණක් නොව අප ගෞතම බුදු රජාණන් වහන්සේ ද තුන්වතාවක් මෙරටට වැඩම කොට තිබේ. එවන් වු උතුම් රටෙහි පිටරැටියන් කළ විනාශය වර්තමානයේ ද තවම තිඛෙන බව රචකයා පෙන්වා දෙන්නේ මෙසේ ය.
රට රට වල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ රට කල කොඩිවින කපන්ට බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමු වුණු රට)
පෘතුගීසීන් 1505 දී මෙරටට පැමිණිමත් සම`ගම බටහිර ජාතීන්ගේ ආක්‍රමණයට මෙරට ක්‍රමක් ක්‍රමයෙන් නතුවන්නට පටන් ගැණිනි. පසුව 1658 දී පෘතුගීසීන්ගේ බලකොටු ලන්දෙසීන්ට අත්පත් වීමත් සම`ග පෘතුගීසින්ගේ ආධිපත්‍යය නිමා විය. පසුව ලන්දේසින්ගේ ආධිපත්‍යයෙන් බි්‍රතාන්‍යයන් මෙරට ඔවුන් සතු කර ගත්හ. මෙම කාල පරාසය එනම් පෘතුගීසීන්ගේ සිට බි්‍රතාන්‍යයන්ගේ පාලන කාල සීමාව පිළිබ`දව සමාජය තුළ තිබුණ විරෝධාකල්පය මේ තුළ ඉස්මතු කර පෙන්වීමට උත්සාහ කරයි.
දහසය වන සියවසේ අගභාගයේ පටන්ම මෙම පෘතුගීසීන්ගේ හා ලන්දේසීන්ගෙන් එල්ල වු ආක්‍රමණ සහ උපක්‍රම වලට සාර්ථක ලෙස මුහුණ දෙමින් සිය ස්වාධීනත්වය ආරක්ෂා කොටගත් උඩරට රාජ්‍යය ද 1815 දී බි්‍රතාන්‍යයන්ට නතු විය. ඒ බි්‍රතාන්‍ය අධිරාජ්‍යය වෙනුවෙන් රොබට් බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සහ උඩරට වෙනුවෙන් රදළ ප්‍රධානීහු ද 1815 දී උඩරට ගිවිසුම අත්සන් කිරීමත් සම`ගය. මේ සම`ගම බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට අප රට යටත් විය. උඩරට ගිවිසුම තුළින් බි්‍රතාන්‍ය පාලකයින් පොරොන්දු වු දේවල් එලෙසම ලබා දෙනු ඇතැයි උඩරට නායකයින්ගේ අපේක්ෂාව වී තිබුණත් තත්වය ඊට හාත්පසින්ම වෙනස් විය. මෙම සිදුවීම මෙම ගීතය තුළ අපුර්ව ආකාරයකින් පෙන්වා දෙනුයේ මෙසේ ය.
ඉගුරු දීල මිරිස් ගත්ත මෝඩ අපේ රජ දරුවෝ
ලංදේසීන් ඉංග්‍රිසින් කැන්දාගෙන වින කෙටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)
මේ සිදුවීමත් සම`ග 1818 දී එනම් උඩරට ගිවිසුම අත්සන් කර වසර තුනක් යාමටත් පෙර ඉංග්‍රිසීන්ට එරෙහිව වෙල්ලස්ස කැරැල්ල ඇරඹුණි. මෙම කැරැල්ල තුළින් අරගලයක් ආරම්භ වුවත් එකල ලංකාවේ සිටි ඇතැම් පිිිිිරිස් නිසා එය සාර්ථක නොවීය. මොවුන්ව හැදින්වුයේ කලූ හම පොරවාගත් සුද්දන් ලෙසින්ය. මොවුන් තමන්ගේ වාසියට පිටරැටියන් වෙනුවෙන් තමන්ගේම ජාතියත් සම`ග සටන් කලහ. රට ජාතිය පිළිබ`ද හැ`ගීමක් නැති කුහක මිනිසුන් අතර රට ජාතිය වෙනුවෙන් ජීවිතය වුවත් පුජා කළහැකි අභීත පිරිසක් සිටින බව ගෞරවාන්විතව අවධාරණය කරනුයේ මෙසේය.
බේර ගන්න පුලූවන්නම් රජ දරුවන් හට ඔටුන්න
සුදානම් මහතුනි උන් පරයි එක්ක නිදිවදින්න
(රජ පුටුවේ මලත් සැපයි)
ඉංග්‍රිසී ජාතීහු ඉතා සුක්ෂම අයුරින් මෙරට පරිපාලනය ඔවුනට අවශ්‍ය අයුරින් සකස්කරගත් නිසා නුගත් අනුවන නුසුදුස්සා තමාට අවශ්‍ය පරිදි නැටවිය හැකි බැවින් සුදුස්සාට නොව නුසුදුස්සාට සුදුසු තැන දීමට ඔවුහු කටයුතු කළහ. මෙලෙස මිතුරු වෙස් මවාගනිමින් මෙරටට එන පිටරැටියන් කෙදිනක හෝ තමන් සතු වටිනාම වස්තුව තමන්ට නොදැනීම අරගන යන බව පෙන්වා දෙන්නේ සිංහල ජාතිය තවතවත් පිරිහීමට පත්විය හැකි බව අගවමිනි. ඒ සර්වකාලීන ප්‍රතිවිපාකය උපහාසයෙන් යුතුව ගම්‍ය කරවන්නේ තවත් මෙවැනි දේ සිදු වීමට ඉඩ තිබේ යැයි උපකල්පනය කරමිනි.
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනවා
දළ`දා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනවා
(හෙටත් වෙන්න ඉඩ තියනවා
පද රචකයා ජාතියක් ලෙස සිංහල ජාතියේ පිරිහීමත්, පරගැති භාවයට පත්වීමත් උපහාසයෙන් යුතුව අවධාරණය කරයි.
පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අදුනගන්ට
තමුන්ගේ වාසියට මිසක් උන් එවිද පිහිට වෙන්න
(පෙරුම් පුරන බෝසත්වරු)
සිංහල දෙමාපියන්ට දාව උපත ලද සිංහල බස තෙපලූ ඇතමෙක් ඉංග්‍රිසීන්ටම මුව සකස් කර ගත්හ. දෙස බස රැස ඔවුනට අමතක වී ඇත. ඔවුන් ආදරයෙන් වැල`දගෙන සිටින්නේ පරගැති භාෂාවයි, සංස්කෘතිය යි. ආගමය, සංස්කෘතිය, ඔවුන්ගෙන් ලැඛෙන වරප්‍රසාද හමුවේ මෙම කළු සුද්දෝ අනුභව කළ දේ වමාරන්නට වුවත් සුදානමින් සිටියෝය. ඒ තරමටම ඔවුන් දීන ජාතියක් බවට පත්ව ඇතිබව රචකයා අවධාරණය කරන්නේ උපහාස රසය ඉස්මතු කෙරෙන අයුරින් මෙන් ම හ`ද තුළ ස`ගවාගත් සෝක`දුලක් ද හෙළමිනි. පෙරුම්පුරන බෝසත්වරු යන්න යොදාගෙන තිබීම මේ තුළ උපහාස රසය මනාව ඉස්මතු කර පෙන්වු අවස්තාවක් ලෙස පෙන්වා දිය හැකිය.
පෘතුගීසීන්, ලන්දෙසීන් ,ඉංග්‍රිසීන් මෙරට පාලනය කළ සමය නැවතවරක්්් සිදුවීමට ඉඩ සළසා දුනහොත් එම පාපකර්මයෙන් මිදෙන්නට කිසිවෙකුටත් නොහැකි බව පද රචකයා අවධාරනය කර දෙන්නේ නැවත එවැනි දෙයක් සිදු වීමට ඉඩ නොදී වගබලා ගත යුතුය යන පණිවිඩය ද ලබා දෙමිනි. එම නිසා රටේ සිටින සියලූ දෙනාගේම එකමුතුවෙන් රට ජාතිය බේරාගත හැකිය යන පණිවිඩය ද රචකයා මේ තුළ පෙන්වා දෙන්නේ වර්තමානයට ද ආදර්ශයක් ලබා දෙමිනි. සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ යන පද්‍ය කණ්ඩයෙහි අපේ යන ගෞරවය ලබා දෙන්නේ සිංහල, දෙමළ මුස්ලීම් යනු භාෂා ත්‍රිත්වයක් වුවත් මොවුන් සියලූ දෙනාම මනුෂයින් ලෙස එකම ජාතියක් යන බව අගවමිනි. මොවුන් එක්වූ දිනයේ දී මේ සියල්ලම පරාජය වන බව සුනිල් ආරියරත්නයන් ඉතා අවධාරණයෙන් යුතුව කියයි.
සිහළු අපේ දෙමළු අපේ මුස්ලීම් මිනිසුනුත් අපේ
උන් ක`දවුරු බ`දින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාත රට සනාත වෙයි)
බටහිර ආධිපත්‍යය තුළ එකී සිරිතට විරිතට හරසර දැක් වු ලාංකික ඉහළ මධ්‍යම පාන්තිකයන්ගේ පරගැති බව හා ව්‍යාජ දිවි පැවතුම් උපහාසයෙන් යුතුව විවේචනය කරන අතර පද රචකයා ඉතා නිර්මාණශීලීව අපුර්වාකාරයෙන් විරෝධය නම් පොදු මානව සංකල්පය ප්‍රකට කරන්නට ප්‍රබල චාතුර්යයක් දක්වයි. එමෙන්ම වර්තමාන සමාජයට ද අපුර්ව වු පණිවිඩයක් ලබා දේ. මොහු යොදාගත් පද්‍ය නිර්මාණ ශෛල්‍යද ඉතා සාර්ථක යැයි හ`දුනාගත හැකිය. එනම් තමා සමාජගත කිරීමට අපේක්ෂා කරන ප්‍රබල සමාජ යථාර්තය විධානාත්මක ස්වරූපයකින් ඉදිරිපත් කිරීමයි. මෙවැනි පණිවිඩ සමාජගත කරීමට ඇති උචිතම ස්වරූපය කුමක් ද ය්න පිළිබ`දව ඔහු හදුනාගෙන ඇති බව මෙහිදී පැහැදිලි වේ. එහෙත් මෙය සාර්ථක ලෙස සමාජගත කරලීමේදි එය වළකාලීමට හේතු වුයේ ද භාෂාවේ තිඛෙන ප්‍රචණ්ඩකාරී ස්වරූපය දැයි යන ගැටළුව මතුවේ.
No comments:
Post a Comment